
(රෝෂන් තුෂාර)
හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතාට පූර්ව ඇපයක් නියම කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.ෙකිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියෝගය පසුවට කල් තැබීය.
ඉල්ලා සිටින ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරුට වරෙන්තු නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම මෙහිදී ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd