
(රෝෂන් තුෂාර)
පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (20)නියෝග කළාය.
වරෙන්තු ලබා සිටින රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මාසයකට අධික කාලයක් තිස්සේ උත්සාහ දැරුවද සැකකරු දිගින් දිගටම සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීම අසාර්ථක වී ඇති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1)උප වගන්තිය යටතේ සිංහල හා දමිළ භාෂාවෙන් මෙම නියෝගයට නිකුත් කළාය.
රාජිත සේනාරත්න මහතා සැකකරු කරමින් අල්ලස් කොමිසම විසින් පවරන ලද පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවට හා එම පැමිණිල්ල ප්‍රකාරව ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවට නියෝග කරමින් මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.
අධිකරණය මගින් නිකුත් කළ මෙම නියෝගයට අදාළ ප්‍රකාශනය සැකකාර රාජිත මහතා පදිංචි හා ගැවසෙන ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේද නියෝගයට අදාළ ප්‍රකාශනය ප්‍රදර්ශනය කෙරේ.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජිතට උසාවි එන්නැයි දන්වයි
රනේ Wednesday, 20 August 2025 03:53 PM
කිඹුලන් ගැවසෙන ස්ථාන වලත් ප්‍රදර්ශනය කරන්න...
ප්‍රභාස් Wednesday, 20 August 2025 08:27 PM
දැන් අපේ ආරක්ෂක බුද්ධි නිලධාරින් දුර්වලද? නැත්නම් අකර්මණ්‍ය කරලද... මේ පුංචි රටේ කෙනෙක්ව හොයා ගන්න බැරි?
Nishan Thursday, 21 August 2025 05:16 AM
අපරාදේ ගෝඨාට තිබුනේ මේ රනේ වගේ අයවත් කිඹුලන්ටම දාන්න.