( බී.ජී. චතුරංග )
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රධාන පාර, ඉකිරිගොල්ලෑව, වහමල් ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ(17 දා) වලිසිංහ හරිචන්ද්‍ර විද්‍යාලයේ පැවති රේගු දෙපාර්තමේන්තුවේ 2වන ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි 24 හැවිදි පුද්ගලයෙකුගේ හැඳුනුම්පත ඉදිරිපත් කර, අදාල විභාග ප්‍රවේශ පත්‍රයේ නිල අයදුම්කරුගේ අස්සන කූඨ ලෙස යොදා මෙම සැකකරු පෙනී සිට තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා, විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නීත්‍යානුකූල අයදුම්කරුගේ ඥාති සහෝදරයකු වන බවද පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු පරීක්ෂක විභාගය හොරට ලියා මාට්ටු