
(අංජුල මහික වීරරත්න)
ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් පෞද්ගලික අංශයේ සමාගම් හා තරඟකාරී අයුරින් 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර ගොවීන් වෙත අලෙවි කිරීම සඳහා 2023-07-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ඉදිරි කන්නය සඳහා විවෘත වෙළෙඳපොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදල යූරියාත් හදන විදිහක් ගැන ජනාධිපති වෙන්ඩ කලින් කියෝව කියෝවා ගියා, මැටි හරක් ඒවා අහල ඡන්දෙත් දුන්න, කෝ ඉතින් යූරියා හදන්නේ නැතෙයි? කෝ නිෂ්පාදන ආර්ථිකේ?
යූරියා ලංකාවේ හදන්න පුළුවන්...