
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර සියලු ජයග්‍රහණවල ප්රතිලාභ ආර්ථික වශයෙන් පතුලේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
එමෙන්ම කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම විශ්වාසය සහ අවධානය දිනාගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්රදානය වෙනුවෙන් අද (06) පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.
ඡායා ජේ.ඒ.එල් ජයසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් හොරු ටික ඇතුළට දාන්න...
ඕවා පැලවත්තේ වැල් බයිලා, ඔය බයිලා වලට රැවටුන කාලය ඉවරයි !
ඔව් අප්පා, කරන දෙයක්, හරියට සහ ඉක්මණට කරනවලාකෝ. නැත්නං වලපයයි, ගොඩපයයි ඉන්න එවුං වලකජ්ජ ගැහුවාම බත්කන හරක් ටික කියයි "රටට අතිවිශිෂ්ට සේවයක් කරපු එතුමාට සාමකාමී නිදහස් මරණයක් අත්වුණා... නැවතත් මේ ධර්මද්වීපයේම ඉපදී එම සේවය අපරටට ලබාදෙන්න" කියලා...
එහෙම සිද්ධ වුනේ නැත්නම් ගෙදර යන්න වෙන එක සහතිකයි. දහසක් බලාපොරෝත්තු හිතේ තියාගෙන වටිනා ඡන්දය දුන්නු මිනිස්සු "කතාව විතරයි වැඩ නෑ" කියලා දැන් දැන් කියන්න පටන් අරගෙන ඔන්න...
එදා කීවේ සුමාන 2න් ඔය ඉදිරි පෙළ හිරේ කියා, අද මේ අවුරුද්දේ, පාලක කාලය අවසානයේදී, මම නොවේ මගේ අනු දැනුම නොමැතිව අනිත් ඈයෝ, අයියෝ සාමි දැන් විශ්වාසය ඉල්ලේ...
මේ චේතිය රජු කෙබර ඇදබාන අවසන් වසර කීපයයි.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු, දූෂිත දේසපාලුවෝ එකෙක් නෑර හැම එකාම හිරේට යවන එකමයි කළ යුත්තේ. නීතීය කාටත් පොදුයි.
අනේ යන්න...