ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී ඇතැයි ද ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයකු ඊට සම්බන්ධ යැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් ඩෙල්ටා ප්‍රභේදය ( ඉන්දීය ප්‍රභේදය) හඳුනාගෙන ඇතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයකුගෙන් එලෙස එම ප්‍රභේදය රටට ඇතුළු වී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාවේ පැතිර යන සම්ප්‍රේෂණ හැකියාව ඉහළ මෙම ප්‍රභේදය හේතුවෙන් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මැයි 8 වැනිදා ය.
ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් පසුව ඔහු හෝටල් නිරෝධායනයට යොමු කර ඇත.
ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වී ඇත්තේ මැයි මස 23 වැනිදා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා ආරක්ෂා වේවා
ආයේ මොන කතාද?
මෙහි බරපතල කරුණ එම පුද්ගලයට delta (ඉන්දියානු) ප්‍රබේදය තිබුණු බව සහතික වීමයි. මොකද ලංකාවේ පැතිරෙන බවට තවම තහවුරු කර තින්බෙන්නේ alpha (බ්‍රිතාන්‍ය) ප්‍රබේදය වීමයි. අදාළ බලධාරීන් මෙය ගැන විශේෂ අවධානයක් දෙයි කියා බලාපොරොත්තු වෙනවා.
සමහර අනුවණ පරිපාලන ක්‍රියා හා දේශපාලකයන් නිසා මේ රට වසංගත රාජ්‍යයක් ලෙසත්, වැසියන් වසංගතකාරයන් ලෙසත් හංවඩු ගැසෙනවා. ඒත්, පුදුමය කියන්නේ මේ රටේ සමහර දෙනා තවමත් ඒ දේවල් නොදැන, වගේ වගක් නැතුව ඉන්නා හැටි තමයි ලොකුම පුදුමය..
පොඩි රටවල් හූරගෙන කන ව්‍යාපෘතියක්...
අනේ මන්දා ඉතින් අපේ අය
දක්වමු දස්කම් විස්කම්...!!!
ඔය බෝට්ටුවකින් ගිය මිනිස්සු නෙමේනේ. හරි හමන් නිරෝධායනයකින් පස්සේ ඔවුන්ව සමාජෙට මුදා හැරියා නම් ඔහොම වෙන්නේ නෑ. ලංකාවේ විතරක් නෙමේ, කොයි රටෙන් ආවා වුණත් නිලධාරීන් තේරුම් ගන්න ඕනේ... මේ මිනිස්සු ඒ රටේ සාමාන්‍ය රටාවට අනුගත වෙන්න කාලයක් යන බව... ඒ නිසා අනුගත වෙනකන් අධීක්ෂණය යටතේ නිරෝධායනේ කරන්න ඕනේ. එහෙම කරා නම් ඔහොම අඬන්න වෙන්නේ නෑ. අනිත් එක ඔය කොයිරටත් ඉන්දියාවට ටිකක් බයයි. ඉන්දියන් කාරයෙක්ගෙන් බෝ වුණත් ලංකාවේ අයගේ පිට පටවන එක කොහොමත් වෙනවා...
පැණිය බීලා ඕස්ට්‍රේලියා යන්න කිව්වට ඇහුවේ නැහැ. දැන් පේනවා නේද කරලා තියෙන වින්නැහිය. දැන් ඉතින් ඕස්ට්‍රේලියන් කාරයෝත් මෙහෙ රොත්තට එයි පැණිය ඉල්ලගෙන.. දැන් මොකද කරන්නේ? ඇමැතිතුමියගෙන්වත් උපදේශයක් ගන්නයි තියෙන්නේ..