( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (16) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම කළේය.
එම දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පසුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.
පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලිසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවය.
2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තු මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කළේය.
ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එහිදී නීතිපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාලන්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සම්පූර්ණ මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව කීය.
ඒ අනුව මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අනතුරුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.
COMMENTS
මේක ලංකාවේ සෞදි අරාබිය නෙවෙයි. එක රටක්.. එක නීතියක්..
කොරෝනා නොතිබුණා නම් මුහුණු ආවරණ පැළඳීමත් තහනම්කර ජනතාවගෙන් දඩ අයකර ගැනීමේ නීති ගේන්න පොලීසිය කටයුතු කරන්නට තිබුණා.
පොලිසිය මුළුමනින්ම මුහුණු ආවරණය කළ හිස්වැසුම් තහනම් කිරීමට ඉල්වා සිටියේ.., සමහරෙක් එවැනි හිස්වැසුම්වලට මුවාවී මංකොල්ල කෑම් සිදුකළ බැවිනි...
යම් කිසි සීමාවක් තියෙන්න ඕන මුහුණේ ආවරණයට. සමහරු ආවරණය කරගෙන ඉන්න විදියට මනුස්සයෙක්ද, පිටසක්වල ජීවියෙක්ද කියලා කියන්න බැහැ. ඒ වගේම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් කරන අපරාධ වැඩිවෙයි.
මේ තහනම අත්සිටුවීම කාලීනව ඉතා වැදගත් අත්‍යවශයෙන් ගත යුතුව තිබූ තීරණයක්. මොකද සාමාන්‍ය හිස් ආවරණයකින් ලැබෙනවට වඩා දැඩි ආරක්ෂාවක් යතුරුපැදිකරුවන්ට ලැබෙනවා. හැබැයි මේවා අවභාවිතාව වැළකිමට පූර්ණ මුහුණු ආවරණ පැඳඳිම යතුරුපැදි ගමනාගමනයට පමණක් සීමාකළ යුතුයි. ඒ වගේම භාවිතා කරන්නන් ළඟම පොලිසියේ ලියා පදිංචි වීමේ නීතියක් ද ස්ථාපනය කිරීම සුදුසුයි.
මේකම මුස්ලිම් කාන්තවන් කරනකොට රිදුණාද?