(යොහාන් භාසුර)
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පුද්ගලයන් තිදෙනා ඝාතනයෙන් පසුව පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට
2022 ඔක් 06 වන බ්‍රහ, පෙ.ව. 08:47

මියගිය ලක්ෂමන් පුෂ්පකුමාර සිල්වා සහ පුතුන් දෙදෙනා. (ඡායාරූපය ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 සහ 23 24 පසුවන තිදෙනෙකි පියාගේ මළ සිරුර මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත මෝටර් රථයකින් සහ යතුරුපැදි කින් කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මීට වසර තුන හතරකට පෙර දී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී ඇතිවී තිබෙන බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මිය ගිය තිදෙනා මීට මාස කිහිපයකට ඉහතදී රිමාන්ඩ් භාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලීසිය කියයි
COMMENTS
නීතියේ ආධිපත්‍ය පිරිහුණු රටවල් වල මිනිස්සු නීතිය අතට අරන් ක්‍රියාත්මක කරන්නේ ඔහොම තමයි
මිනීමරුවන්ගේ තොරතුරු කෙසේ වෙතත් මැරිච්ච මිනිස්සුංගේ පැටිකිරියනං හොඳටම හොයලා බලනවා මේ පොලෝසිය.
නන්දසේන සහ නඩය එකතුවෙලා රටට කරපු විනාශයේ ප්‍රතිපල තමයි මේවා
මිනි මරුවන්, කප්පම් කරුවන්ව පාර්ලිමේන්තුවට යවන මිනුස්සු ඉන්න මේ රටේ, මීට වඩා මොකද්ද බලාපොරුත්තු වෙන්න පුළුවන්? මුලින් ජනතාව වෙනස් වෙන්න එපැයි.
නීතිය තමන්ගේ අතට අරගෙන මනුස්සයින්ව ඝාතනය කරන්න මේ මිනීමරුවන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියේ මරනීය දණ්ඩනයට යටත් කල යුතුයි
ධර්මද්ධීපයක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දේවල්නේ. අනික පවුලේ සියලු දෙනාවම මරුවා නම් තමයි ගොඩක් පව් සිද්ධ වෙන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ, ඒ ගිනි අවි වලත් එකට ඇතිල්ලිලා අංක මැකිලද? මොනා උනත් පාර්ලිමේන්තුවට යන්න ඒ මිනීමරු මහතුන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.
ජනපතිතුමත් ප්‍රකාශ කෙරුවනේ එල්ලුම්ගහට යවන අයට අත්සන් නොකරන බව. ඉදිරියට මීටත් වඩා දරුණු අපරාද ගැන මේ රටේ අපිට අසන්න හැකිවේවි.
මිනුවන්ගොඩ ඒ අය ඉන්න ගම කියන්නකෝ...! ඔතැන තියෙන්නේ කුල කේස් එකක්. හුඟක් අපරාධ එක්තරා කුලයක අය කරන්නේ...! ඔය කුලේ අය ඒ ගොල්ලන් අතරත් මරාගන්නවා. පෘතුගීසි ලේඛනවලත් තියෙනවා. එක සතියක් ඇතුළත පිහිඇනුම්25 ක් වුනා කියලා...