
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට පැවසීය.
හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව සිටි රෝගියකුට එක් වරම මෙම අවයව බද්ධ කරනු ලැබුවේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද වෛද්‍ය විශේෂඥවරු පවසති.
ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ මේ රට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව හදවත සහ පෙනහලු දෙක එක්වරම බද්ධ කර සැත්කම සිදු කර ඇති අතර, මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා දී තිබේ.
මීට අමතරව මොලේ මියගිය මෙම සිසුවියගේ ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ජීවිතයත් මරණයත් අතර එම රෝගීන් තිදෙනාද සුවය ලබමින් සිටින බව එම විශේෂඥ වෛද්‍ය වරයා කීය.
මෙම සිසුවියගේ ඇට මිදුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇත.
සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කරඇති අතර එයින් දෑස් නොපෙනෙන දෙදෙනකුට ලෝකය දැක ගැනීමේ වාසනාව ඉදිරියේදී හිමිවනු ඇත.
මෙසේ සිරුරේ අවයව බද්ධ කිරීමට ලබාගත්තේ නිකවැරටිය,අඹන්පොළ පළමු පටුමගේ පදිංචිව සිටි ඒ. එච්. ටී. විහගනා නුවන්මිනි ආරියසිංහ නැමැති සිසුවිය ගෙනි
මෙම සිසුවියගේ මොලේ අභ්‍යන්තර ඇතිව තිබූ ගෙඩියත් නිසා රෝගී ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මිය ගොස් තිබිණි.
විහගනා සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක වන අතර ඇය පසුගියදා පැවති උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විද්‍යා විෂයයන්වලින් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වූවාය

COMMENTS
දියණියනි ඔබ කීප දෙනෙකුට ජීවිතය ලබාදී ඇත එපිනෙන් ඔබට මිනිස්ලොව උපදින ඊළඟ ආත්මයේම සසර දුක්ගිනි නිවී අජරාමර නිවන්සැප ලැබීමට හේතු වාසනා වේවායි පතමි
ඉතාම පින්වත් දුවෙක්. දුවට නිවන් සුව ලැබේවා.
මෙපින් බලයෙන් සසර කිසිදිනෙකවත් මෙවන් අකල් මරණයකට පත් නොවේවා..අමාමහ නිවන් සුවයම ලැබේවා සොයුරිය ..
බෝසත් දියනිය නිවන් දකිනට හේතුකාරනා වේවි
ජීවිතයක් තුලදි කලහැකි ලොකුම පින්. ඔබට සසර වසනා තුල මෙවනි අකල් මරනයකට ගොදුරුනොවි නිවන් සුව අත්වෙවා. දෙවියන්ගෙ කැමැත්ත. ස්වර්ගයේ දොරටුව විවරවෙවා.
දැරියට උතුම් නිවන්සුව අත් වේවා සසර වසන තුරු නිවන් දක්නා තුරු මෙ කලාවු උත්තම් පූජාවකම වේවා,
ඔබට මේ සියලු පින්වලින් නිවන් අවබෝධ වේවා.
ඔබට උතුම් වූ නිර්වාන සුවය ලැබේවා!
නිවන වැඩිදුර නොවේවා..!
මේ දියණියට අමා මහ නිවන් සුව පත් වේවා! දෙමව්පියන්ට ද ඒ පුණ්‍ය කර්මයෙන් මෙතේ බුදු දැක අමා මහ නිවන් සුව ලබන්නට හැකි වේවා!
නිවන් දකින්නට කරපු කුසල් හේතු වාසනා වේවා...!!
ගොඩක් පිං ඔබට.
Her soul Rest in Peace. All the good she done in her life and for donating her body parts to theres in her the last moment will count by the God.
පුතේ, ඔයට මේ පින අති නිවන් දකින්න
සසරින් එතෙරවනතරු මෙවන් අකල් මරණයකට පත් නොවන්නට මේ පිං ඇයට උපකාර වේවි.
ඇදහිය නොහැකි මේ පුවත දුටු නෙතට කඳුළු ඉනුවා.හද සසල වුනා.පින්වත් තරුණිය ඔබ ජීවතුන් අතර නැතත් ඔබ ජීවය දුන් අයට ජීවත් වීමට හේතු වූ ඔබ අනිවාර්යයෙන්ම සුගතියේ උපදිනවා.ඔබට නිවන් සුව අත්වේවා ... !!!
මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවෙකු වන මෙම උතුම් මිනිස් ගති ඇති දියණියට මෙවන් විපතක් මතු කිසිදු දිනෙක සිදු නොවේවා ඔබ ඇතුළු දහස් ගණනක් දරුවන් ගේ උත්තර පත්‍ර පරික්ෂා නොකර විශ්ව විද්‍යාල වසා වර්ජන කරමින් ජාතියේ දරුවන් ගේ අනාගතය වල පල්ලට යවන දරුවන් ප්‍රාන ඇපයට ගන්නා වැඩිහිටියන් ගේ හිත් පිත් නැති බව තුරන් වේවා
නිවන් අරමුණුකොටගත් ඔබගේ සසර ගමන මේ පාරමිතාව උප පාරමිතාවක් ලෙස සම්පූර්ණ වේවා. නිවන් දකින් ජාති දක්වා නිරෝගී සුවය ලැබීමට මහත් කුසල කර්මය හේතු වේවා... අවසානයේ කේතුමතී රාජධානියේ පහලවන්නා වූ මෛත්‍රී බුදුන් දැක නිවන් පිණිසම මේ සියලු කුසල කර්මයන් හේතු වේවා...!
ඔබ වැනි පින්වත් දියණියක් ගැන අහන්ඩ ලැබීමත් අපිට හරිම සතුටුයි .ඒ පිනෙන් ඔබට අමාමහ නිවන්සුව අත්වේවා .
මිනිසුන් විරල ලංකාවේ සැබෑ මිනිසුන් වන මෙම පින්බර දියනියගේ දෙමාපියන් සහ සහෝදරියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. කුරිරු බෝම්බ අටවා මිනිස් පපු කැවුතු උලාකෑ ලේසාටක එල්ලාගත් පිසාචයන් තවමත් අසිහියෙන් පිනුම් ගසන රටක් මේක….
පින්වත් දුවේ උතුම් නිර්වාන සුඛයට පත් වීමට පෙර ඔබට දීර්ඝායුෂ ඇති නිදුක් නීරෝගී උපතක් ලැබේවා
නිවන දුර නොවන පාරමිතා සම්පුර්ණ වේවා .ඔබ දුන් ජීවිත ධානය ඔබට මතු අත් භවයට පාරා වලල්ලක්ම වේවා
තමන්ගේ අවයව පමණක් නොවෙයි අනුන්ගේ අවයව පවා මිය යද්දී රැගෙන යාමට වෙරදරන බහිරව වර්ගයේ මනුෂ්‍යයින් බහුලව වෙසෙන රටක, ඔබවැනි දියණියකට මෙවන් සිතුවිල්ලක් හිතේ හටගැනීමම සුවිශේෂී කරුණක්. මේ සසරින් එතෙරවීමට මේ කල පිනම ඇති..ඔබට නිවන් සුව පතමි!!
අනේ දුකයි. රටට දියණියක් අහිමිවීම .
ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය්‍යාංශ නිළධාරින් දැක්වූ සහයෝගය මොකක්ද කියලා පැහැදිලි කරනවද? හැම දේකටම නම ගාගන්න විතරයි දන්නේ.
මෙවැනි දානමය පින්කමක් ගැන අසුවාමයි.
මෙ දරුව අපිව දාලා ගියෙනැහැ තව කිප දෙනෙක්ගෙ ශරීර තුල ජිවත් වෙනවා.
උතුම් පින්කමක්! විහඟනා නුවන්මිණි ආරියසිංහ උතුම් නිවන් සුව ලැබේවා !
කෙහෙළිය රඹුක්වැල්ල කරපු දේ මොකද්ද?
මෙපින් බලයෙන් සසර කිසිදිනෙකවත් මෙවන් අකල් මරණයකට පත් නොවේවා..අමාමහ නිවන් සුවය ලැබේවා දිරිය දියනියට.
පින්වත් දුවේ, ඔබට අමා මහා නිවන් සුව අත්වේවා.
දියණියනි,ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.අපේ පාර්ථනා තුලින් සොහොායුරියගේ සහ දෙමාපියන්ගේ දුක් ගින්දර නිවේවා.
ඔබට අමා මහ නිවන්සුව ලැබේවා පුතේ . සසර වසන තුරු මෙවන් අකල් මරනයකට ලක් නොවෙවා.
මේ දියණිය ඉපදෙන මතුභවයක මේ කල පිනෙන් වාසනාවන්ත උප්පත්තියකට නිවන්දොර විවෘර්ත වේවා කියා ප්‍රාර්ථනා කරනවා .නිවන් සැප ලැබේවා