
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"ඉදිරි මාස 6 සඳහා බිලියන 619ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන්න වූ වැඩිම මුදල ලෙස හැඳින්විය හැකියි.
මේ මුදල වියදම් කිරීම සඳහා අප පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.අධ්‍යාපනය හරි විදිහට හදාගන්නේ නැතිව රට තුළ පරිවර්තනයක් කරන්නට බැහැ.සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කළ හැකි වන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයෙන් පමණයි
. අප ඒ පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් කටයුතු කරනවා යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට ලිංගික අධ්‍යාපනය උපරිමයට දුන්නාම ඔය කියන වැඩේ සාර්ථක වන බව හරිනි හදවතින්ම විශ්වාස කරනවා ඇති...!
එතකොට අපිට ඉස්කෝලෙ බොරුනේ උගන්නලා තියෙන්නේ. ඔය දෙකම තියනවා කියලා විද්‍යාව ටීචර් කිව්වා. දැන් ටීචත් නෑ... ගිහිල්ලා හරි මොකක්ද කියලා අහගන්න..
හැමෝටම නොමිලෙ උගන්නන්න ගිහින් තරග විභාග තිබ්බම තමා කුහක ආර්මර්තකාමි පුද්ගලයක් බිහි වෙන්නේ. උසස් පෙළ දක්වා නොමිලේ සියලු දෙනාටම උගන්නලා ඊට පස්සේ උපාධිය කරන්න රජයෙන් ණයක් දෙන්න. උපාදිය ලබලා අවුරුදු 5ක් වත් රැකියාවක් කරනකන් සහන කාලයක් දීලා ඉන් පස්සේ වැටුපෙන් ණය ගෙවන්න කියන්න. එතකොට ඕන කෙනෙක්ට තමන් කැමැති උපාධියක් හදාරන්න පුළුවන්. රැකියාව සතුටින් කරයි. අන්තරේ වගේ මහජන බදු මුදලින් ඉගෙනගෙන පාරවල් ගානේ උද්ඝෝෂණ කරන අය නැතිවෙයි. ඕනෑම කෙනෙක් ඉල්ලුමක් තියෙන උපාධියක් කරයි. දැන් වගේ කිසිම ඉල්ලුමක් නැති කළා... උපාධි කරලා රස්සා ඉල්ල ඉල්ලා පෙළපාළි යන අය නැති වෙයි. උපාධිය අරන් රට ගියත් කමක් නෑ. රජයට පාඩු නෑ. ඔහොම තමා දියුණු රටවල් වල කරන්නේ. දැන් තියෙන ක්‍රමයෙන් මොලේ හැදෙන්නෙත් නෑ. හදවත හැදෙන්නෙත් නෑ. ගිරව් හදනවා විතරයි...
මොළයයි, හදවතයි, දෙකම නැති එවුන්ගෙන් පිරුණු රටක් අධ්‍යාපනයෙන් වෙනස් කරනවා කියන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.. මොන දැනුම දුන්නත් අවසානයේ ඉස්මතු වෙන්නේ ජානවල ස්වභාවය.. කොහොමත්, දරුවන්ගේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට ප්‍රථමයෙන් මේ රටේ ගුරුවරුන් හා බෞද්ධ පූජකයිනගේ විනය හා ආකල්ප වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
මනෝවිද්‍යාව දියුණු වීමත් සමඟ (අපට නම් ගැඹුරුම මනෝවිද්‍යාව තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන්) ලෝකයේ අධ්‍යාපනය වෙනස්වෙමින් පවතිනවා. තරඟ විභාග සහ විෂය දැනුම පමණක් දීමෙන් උගත් පටු මිනිසෙක් බිහිවෙනවා. ඔවුන් එක් එක් මානසික ව්‍යාධිවලින් පෙළෙනවා. ඔවුන් රටට ආදරය නෑ. ඒ නිසා හදවතක් ඇති උගතුන් බිහිකිරීම අත්‍යාවශ්‍යයි...
මැතිණියනි, දකුණු පළාතේ ලොකු ලොකු කියන එවුන්ට නම් මොලෙයි, හදවතයි දෙකම නැහැ. මස්වල බර විතරමයි තියෙන්නේ...!
අම්මෝ ඉතින් කටින් වැඩ කෝටියයි
USAID සල්ලි අරන් නම් කලේ ලිංගික අවයව තියෙන මිනිස්සු හදන්න හදපු එක...
පසුගිය ආන්ඩුවල හිටපු රාජ්‍ය නායකයින් සහ ගෝලබාලයින් කරලා තියෙන වැඩ බලනකොට, ගරු අගමැතිනිය කියන කාරණය සහතික ඇත්ත...!
වැල් බයිලා ගගහා ඉමු අවුරුදු 5ම...