
(පද්මසිරි ගාර්දියවසම් )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය .
වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .
මීගවයින් ගැටුණු මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුවී තිබේ . මීගවයින් මාර්ගයේ ගමන් ගත් බස් ර ථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුවී තිබේ. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය කියයි.
මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිසී ඇතැයි පොලිසිය කීවේය. ගව හිමිකරු අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ පොහොට්ටු, ගෑස් සිලින්ඩර කට්ටිය ඔහොම තමයි. වරින්වර පාරට එනවා. ඔන්න ඕකයි තත්වේ.
මී හරක් ටික මැදමූලනේ ගාල් කෙරුවා නම් වැඩේ ගොඩ...
ඒකෙන්ම පේනවා කකුල් හතරේ මී හරකුන්ට කඩාගෙන යාමට පුළුවන් තරමේ ශක්තිමත් "මී හරක් වැටවල්" බැදීමට තරම් දක්ෂ "කකුල් දෙකේ මී හරක්", සතර පිරින් පිරි සිරි ලංකාවේ තවමත් සිටින බව !!! ජයවේවා !!!
ඕක මොකක්ද දැන් මාස 3-කට විතර කලින් පාලනය බාර ගත්තු මී හරක් රංචුව නිසා රටම ආපස්සට යන්නේ ඩොලර් එක ඉහළ යනවාටත් වැඩිය වේගෙන්...!
ඔය මාර්ග අධිකාරියට විරුද්ධව නඩු දමා අලාභය අයකර ගත යුතුයි.