(මොහොමඩ් ආසික්)
මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදුවන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මේ බව කීය.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කීය.
මහනුවර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට බලපෑම් ඇති වෙලා තියෙනවා. කඳු සහිත මාර්ගවල ගමනාගමනය අවදානම් තත්වයට පත් වෙලා තියෙනවා. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ රතු නිවේදනය නිකුත් කරල තියෙනවා.
මහනුවර මහියංගණය මාර්ගයේ මේ වන විට සුළු ගල් සහ පස්කඳු කඩා වැටීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මහනුවර මහියංගණය මාර්ගයේ ගමන් කරන රියදුරන්ගෙන් අපි ඉල්ලන්න කැමැතියි මේ තත්වය ගැන අවධානය යොමු කරන්න කියලා. මේ මාර්ගය අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න කියලත් ඉල්ලනවා. ඒ් වගේම මීමුරේ ප්‍රදේශයට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ යම් හෙයකින් ආපදා තත්වක් ඇති වුනොත් පොලීසිය හමුදාව ඇතුළු සියලු ආයතන ආපදා කළමණාකරණ ඒ්කකයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු කළමණාකරණය කරන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි තව දුරටත් කීය.
2025 නොවැම්බර් මස 21
134
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මහනුවර - මහියංගන පාර භාවිතා කරන්න එපා