
(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.
අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.
සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දුප්පත් පොඩි එකා, අපිට වත්කමක් නැහැ තව කෙනෙක් හදන්න, එහෙම පුළුවන් මහත්මයෙක් ඉන්නවා නම් මැදිහත් වෙලා හදාගෙන හොඳ ජීවිතයක් උරුම කරදෙන්න. ඔබට සුබ අනාගතයක් වේවා පුතේ...
දැන් දරුවා දාලා ගියා... දැන් හොයන්නේ නැතිව දරුවාව හදාගන්න පුළුවන් කෙනෙක්ව බලලා දෙන්න. අද වෙනකන් තියන ආණ්ඩුවල හොරකම්, ජඩකම් නිසයි දුප්පත් මිනිස්සු දරුවන් දාලා යන්නේ... මාරාන්තිකව එහෙම කරන එක පිනක්...