IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

මෙම ජනවාරි මස 1 වැනිදා සිට  මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22 ත් 60 ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් අවිවාහක තරුණියෝ ඒ අතර සිටිති.

එම අවිවාහක තරුණියන්ගේ මවුපියන් බොහෝදුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ හෝ ජාවාරමේ නිරතවන බවත් ඔවුන්ගේ ජාවාරමට සහායදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී එම තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව ගංජා සම්බන්ධයෙන් කාන්තාවෝ 378 ක්, හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාවෝ 434 ක්, මත්පෙති සම්බන්ධයෙන් කාන්තාවෝ 23 දෙනෙක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවෝ 6 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවෝ 39 ක්, කොකෙන් සම්බන්ධයෙන් කාන්තාවෝ 2 දෙනෙක් ඉකුත් මාස 8 ඇතුළත අත්අඩංගුවට ගත්හ.

2016 අංක 12 දරණ තොරතුරුර දැන ගැනීමේ පනත අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම තොරතුරු අනාවරණය විය.

ඉකුත් 2024 වසර සදහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 428 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම වසරේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ වර්ධනයක් දැකිය හැකි බව එම කාර්යාංශය පවසයි.



අදහස් (1)

මාස අටට කුඩු සමග කතුන් 524ක් මාට්ටු

යෝගා Tuesday, 16 September 2025 08:08 AM

කන්ටේනර් 323ක් පිරෙන්න බඩු ගෙනාවනෙ. හොරේ වහගන්න රාජපක්ෂලට ඇඟිල්ල දික්කරගෙන පච වපුරනවා. ඇමතිලගෙ වත්කම් කෝටි ගනන් වලින් ඉහලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site