
(අංජුල මහික වීරරත්න)
ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගීතාවයෙන් මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 5.29 ක වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය නොවන උපකරණ තොගයක් බාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අඩෙනියි මහත්වරුන් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම උපකරණ සංකේතාත්මකව භාර දීම සිදු කෙරිණි .
එම මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළ ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම් ප්‍රවේශය පුළුල් කිරීම, උපායමාර්ගික සේවාවන් වැඩිදියුණු කිරීම, මෙන් ම සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම කාලීන සහ හොඳම විසඳුම බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය ඒ සඳහා මේ වන විටත් ක්‍රියාකරමින් සිටින බව ද ප්‍රකාශ කර සිටියේය.

2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක්