
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මියට සිය අවසන් ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවට දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් අද (25) වැල නොකැඩී පැමිණියහ.
ඇයට ගෞරව දැක්වීම සඳහා පැමිණි අය අතර මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ද රංගන ශිල්පීන් ශිල්පිනියන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් සාහිත්‍යවේදීන් සහ විවිධ විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද වූහ.
එසේ පැමිණි සමහර කලාකරුවෝ සහ දේශපාලනඥයෝ ඒ ස්ථානයේ සිට මාධ්‍ය වලට අදහස් පළ කරමින් මාලනියගේ ගුණ වර්ණනා කළෝය.
මාලනීට ගෞරව දැක්වීමට පැමිණි ඇතැම් රසික රසිකාවියෝ දැඩි ශෝකයෙන් යුතුව මාලනියගේ දේහය වැළඳගෙන හඬා වැළපුණහ.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය රැගත් රථ පෙරහැර මාදිවෙල පිහිටි ඇයගේ නිවසෙන් ඊයේ (25) පෙරවරු 10.00 ට පිටත් විය. පෙරහර ගමන් කළ මග දෙපස රැස්ව සිටි ජනතාවද මාලනීගේ දේහයට මල් ඉසිමින් ගෞරව දැක්වූහ.
මාලනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඈත දුරබැහැර ප්‍රදේශ වලින්ද බාල තරුණ මහලු විශාල පිරිසක් තරංගනී ශාලාවට ඊයේ පැමිණ සිටිනු දැකගත හැකිවිය.
දේහයට ගෞරව දැක්වීම සඳහා අද දිනයේත් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද(26) උදෑසන දක්වා තැන්පත් කෙරේ.
ඊට පසු දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු එම පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 6.00 ට සිදුකිරීමට නියමිතය.



2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලිනී බලන්න කොළඹට ජන ගගක්
Nandalal de Silva - France Sunday, 25 May 2025 10:00 PM
මැදමූලන රංචුවෙන්ම දෙන්නයි...හොර අබ්බගාත නාමලාට මාලිනී අමතක වෙලා වගෙයි !!
Rasika Monday, 26 May 2025 09:22 AM
ඔබට නිවන් සුව