(කුෂාන් ජයවර්ධන)

මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදි සුඛෝපභෝගි ජීප් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අද සවස සිදුවු රියඅනතුරකින් විදේශික යුවළක් ඇතුලු පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

අනුරාධපුර දෙස සිටි කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ විදේශිය යුවළක් රැගත් සුඛොපභෝගි ජීප් රථයක් හා කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට පැමිණි තවත් වැන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

සිදුව ඇති එම අනතුරෙන් සුඛෝපභෝගී ජිප් රථයේ ගමන්ගත් විදේශික යුවළ ද එම ජිප් රථයේ රියදුරු ද තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර මහරෝහලට මාරුකර යවා තිබේ.

අනතුරටපත් වැන් රථයේ රියදුරු ඇතුලු තවත් පුද්ගලයින් 05 දෙනකු ද මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම පිරිස ද මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.

ඔවුන් ගෙන් කිහිප දෙනෙකුගේ පමණක් තත්වය තරමක් බරපතළ බවත් විදේශීකයන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.