
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය හා අඹුසැමි යුවලක් ගමන් ගත් පාපැදියක් මොරන්තුඩුව කන්දෙ කඩේ ප්‍රදේශයේදී අද (26) රාත්‍රී එකිනෙක ගැටීමෙන් ස්ථානාධිපතිවරයා මියගොස් අඹුසැමි යුවළ බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි
අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන 58 හැවිරිදි නිහාල් සොයිසා මහතායි
අනතුරින් මිය ගිය උප පොලිස්පරීක්ෂකවරයා මොරන්තුඩුව දෙස සිට කන්දේ කඩේ දෙසට යතුරුපැදිය ධාවනය කිරීමේදී කන්දේ කඩේ ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් අඹුසැමි යුවළ රැගත් පාපැදියේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසියට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
අනතුරින් තුවාල ලැබූවන් ගෝනුදුව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් තිබූ බවත් අඹු සැමියුවල වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කළ බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය
මොරන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd