
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදුවීම බලා සිටි පොලිසියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අදාළ සිදුවීමට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂය ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා කීය.
"ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
"මැයි රැලියට පැමිණි ජාතික ජන බලවේගයේ පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනක බැස අධිවේගී මාර්ගයේ මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු අප දුටුවා. එහි තවත් බරපතලම කාර්යය වන්නේ ඒ සිදුවීම පොලිසිය බලා සිටීමයි.ආණ්ඩුවේ රැලියට පැමිණි පිරිසක් නිසා පොලිසිය මුකුත් කරන්නේ නැතිද?ඒ අයට තිබෙන්නේ වෙන නීතියක්ද? කතා කරපු සිස්ටම් චේන්ජ් එක කෝ! යනුවෙන් මාධ්‍යවේදියා එහිදී ජනාධිපතිවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසූයේ
"මම මේ ප්‍රශ්නය මතුවී තිබෙන විදිය බැලුවා. මම මේක සාධාරණීකරණය කරනවා නෙමෙයි.මේ අය දුර ඉඳන් එන පිරිසක්.මේ පිරිස එන්න ඇත්තේ දකුණෙන් නේ.ඒ ගැන මම සොයා බැලුවා.මම මාතරට, හම්බන්තොටට, මොණරාගලට,බදුල්ලට සහ අම්පාරට කතා කළා.ඒ බස් වල සිටියේ කවුද? ඒවායේ සංවිධායක කවුද? කියා පවසන්නැයි මා දැනුම් දුන්නා.
ඒ සිදුවීම වුනේ අධි වේගයේ වාහන නවත්වන තැන.එහි යම් ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ.ඒ ඉඩ ප්‍රමාණවත් නැති වුණාම ඇතුලේ හිරවෙනවා.ඒ ක්‍රියාව වැරදියි.ඒ සිදුවීම බලා ඉඳලා පොලිසිය ඒකට ඉඩ දුන්නා නම් ඒකත් වැරදියි.ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.එහෙම වැඩ කරන්න බෑ.
ඒ සිදුවීම බලා සිටි පොලිසියටත්, බස් එහි නතර කළ රියැදුරන්ටත්, අනෙක් පැත්තෙන් ඊට සයෝගය දුන්න කණ්ඩායම් සිටිනවා නම් ඔවුන්ටත් ක්‍රියාමාර්ග ගන්න ඕන.නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.ඊට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂ ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නවා.ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ඉතා ළැදි , එය අන්ධව අදහන අයගේ පොදු මානසික මට්ටමක් තිබෙනවා. මතකද අරගලය සමයේ ජනාධිපති මන්දිරයට පැන හැසිරුණු ආකාරය. වෙනත් අදහස් දරන අයට ඉතා පරුෂ ලෙස බැන වදින ආකාරය. විශ්ව විද්‍යාල තුළ නවක වදය දෙන්නෙත් පාරට බැස අසංවරව හැසිරෙන්නෙත් මෙයාලාමයි. එහිම කොටසක් තමයි මේ අධිවේගී මාර්ගයේ හැසිරීම. ඔවුන්ගේ ප්‍රජාණනයේ යම් විකෘතික් තිබෙනවා. එය මනෝවිද්‍යාත්මකව විසඳිය යුතුයි.
ඡන්දෙ දීපු අපිට බූ වල්ලෙන් ගහන්න ඕනෑ.
ආ අය ගිය ආණ්ඩුව කාලේ ඉපදුණු අයනේ...!
තවත් පචයක්...!
අපිට ඒ සිද්ධිය වැඩක් නෑ... ඒක ලොකු දෙයක් නොවෙයි. ඔයා මේ වෙනකම් කරපු දේවල් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්ද? අමතර රජයේ සේවකයින් දොට්ට දාන්නද යන්නේ? රජයේ සේවකයින් සංඛ්‍යාව පාලනය කරන්නද යන්නේ...? පළාත් සභාව ඉවත් කරන්න අලුත් ව්‍යවස්ථාවක් ගේන්නද යන්නේ? වෙළඳ ගිවිසුමක් සාකච්ඡා කරන්න ජාත්‍යන්තර නායකයින් සමඟ ගිවිසුමක් ඇති කරගන්නද යන්නේ... මේවා තමයි ඔබ පිළිතුරු දිය යුතු ප්‍රශ්න...!
ඇයි ඒ අයට මාලිමාව පක්ෂය ඇතුළෙන් හොයලා බලලා පියවර ගන්නේ. ඒ ගොල්ලන් ලංකාවේ පුරවැසියෝ නොවෙයිද? ලංකාවේ නීතියට අනුව නෙවෙයිද? ඒ අයගේ ක්‍රියාකාරකම් ගැන හොයන්නේ. ඒක බලන්න ඕන මාලිමාව ඇතුළෙන් කියන්නේ මාලිමාවේ අයට වෙනම හැන්දක් මාලිමාවේ නොවෙන අයට වෙනම හැන්දක්ද? නීතියෙනුත් දෙන්න යන්නේ. ඉතාමත් සාධාරණ රජයක් යටතේ සිස්ටම් චේන්ජ් වෙන්නේ එහෙමද?
මතක ඇතුව ඊළඟ මැයි දිනේට පෙර නීතී පියවර ගන්න හොදේ...!. නැත්නම් තවත් ටොම් පචයක් කිව්වා කියයි...
මම මේ ක්‍රියාව සාධාරණී කරණය කරන්නේ නැහැ. නමුත් මේ ගැන 100%ක් වරද ඔබගේ සංවිධායක සහෝදරයෝ පිට පටවන්න බැහැ. යුරෝපයේ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 40 න් 40 ට ආරක්ෂාකාරීව වාහන නවතා විවේක ගන්න පුළුවන්... ඉන්ධන ලබා ගන්න පුළුවන් ස්ථාන තිබෙනවා. ලංකාවේ තිබෙන්නේ වැලිපැන්න පමණි. ජනාධිපතිතුමනි, කරුණාකර ගෙන ඉඩ පහසුකම් ඇති ස්ථාන වල එකවර වාහන 50 පමණ නවත්වන්න පුළුවන්..., වැසිකිලි, ආපනශාලා, පිරවුම් හලක් ඇති කුඩා විවේක ගන්න ස්ථාන ඇති කරන්න. මනුස්සයෙක් එන්නේ සමහරවිට කතරගම ඉඳන් වෙන්න පුළුවන්. ඔහුට විවේක ගන්න අලුත්ගමටම එන්න බැහැ. එහෙම කරාම මිනිස්සු අනාරක්ෂිතව අතරමග වාහන නවත්වලා, විවේක ගන්න එක, මුත්‍ර කරන එක අඩුවේවි, වාහන අනතුරුත් අඩු වේවි..., රටට අලුතෙන් රැකියා අවස්ථා 200-300 එකතුවේවි...
අපි බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමනි, මේ අයට නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වුණේ නැතිනම් ඔබතුමාටත්, ආණ්ඩුවටත් විශාල ලෙස අගතියක් වනු නොඅනුමානයි.
රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අහන්න ඕනා ප්‍රශ්න ජනාධිපතිවරයකුගෙන් අහන මෝඩ පුද්ගලයෙක් සමග කරන අවාසනාවන්ත සම්මුඛ සාකච්ඡාවකට අනුර කුමාර ජනාධිපතිවරයා සම්බන්ධ උනේ. ජනාධිපතිවරයාගේ තියෙන එකම දුර්වලකම තමයි හැමෝමටම හොදහිත පෙන්නීම, ඒක මේ අමන මාධ්‍ය මුග්ධ විදිහට පාවිච්චි කරනවා.
ජනතාව ඉන්නකම් රට හදන්න බෑ
හොඳ වෙලාවට ෆයිරූසුයි, අරවින්ද අරවාගොඩයි ජනතාව ගණයට අයිති වෙන්නේ නැතිහින්දා හොඳයි.
මේක මාලිමාවේ සන්නාමය... වැඩිය ගණන් ගන්න එපා. ජනතාව මේක හොඳට අවබෝධ කරගෙන ඉන්නේ.
අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට හෝ කොළඹ සිට ආරක්ෂාකාරීව නවත්වලා තේ එකක් බීලා විඩා නිවාගෙන යන්න තිබෙන්නේ අලුත්ගමදී පමණි. කරුණාකර ගිමන් හරින්න තව ස්ථාන අවම වශයෙන් 2ක් වත් විවෘත කරන්න. මාර්ගයේ අද්දර නවතලා තිබෙන වාහනවල හැපිලා අනතුරු සිය ගණනක් වෙන්න ඇති... විශාල පිරිසක් මිය යන්න ඇති කරුණාකර මේ ගැන සොයා බලන්න