
(අංජුල මහික වීරරත්න)
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.
මෙම වැඩසටහන අතරතුර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ජනමාධ්‍ය සතු වගකීම්, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිසු දරුදැරියන් සහ ගුරුවරුන් දැනුවත් කළාය.
මෙම වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණ.


2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මයුරපාද සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරය නරඹති
රුවන් Tuesday, 01 July 2025 04:01 PM
ඉස්සර අපි කුනුහරප ඉගෙන ගත්තේ පාර්ලිමේන්තුව දිහා බලලා. වාසුදේවට විශේෂයෙන් උපහාර දෙන්න ඕනේ...