IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මම මළා කියපු කතාවට මටම හිනා

(සුජිත් හේවාජුලිගේ)

තමා මියගිය බවට  සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මෙවැනි දේවල් ආයුෂ වැඩි වෙන්නත් හේතු වෙනවා කියලා තමා අසා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

තමා මැරෙන තුරු දේශපාලනය කරන බව පැවසූ නානායක්කාර මහතා  ශක්තිය මදි හෙයින් නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (15)

මම මළා කියපු කතාවට මටම හිනා

සකියම Wednesday, 15 October 2025 07:49 PM

වැඩිය හිනාවෙන්න එපා, හිනාව හිරවෙලා වලකජ්ජ ගහයි. ගැහුව කියලා රටට, අපිට නම් කමක් නෑ... මේකේ ඒ ප්‍රවෘත්තිය දාන්න කරදර වෙන නිසා කිව්වේ... දැන් කියලත් නෑ...

:       6       3

Srinath Wednesday, 15 October 2025 08:09 PM

මළානම් හොදයි ඉන්නවට වඩා... අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියට කිසිම දෙයක් රටට කලේ නැහැ. රට බංකොළොත් කළේ මොවුන් හින්දයි.

:       25       40

87deal Thursday, 16 October 2025 03:53 AM

@srinath. වාසුදේව කරපු එක දෙයක් නම් 1980-90 ගනන්වල අය දන්නවා. 87-89 කාලයේදී දහස් ගනන් දකුණේ සහ අනික් පළාත්වල තරුණ තරුණියන් භීෂණයෙන් මරා දමද්දී මහින්ද රාජපක්ෂ එක්ක ජිනීවා මානව හිමිකම් සමුළුවට රජයට හොරෙන් ගියේ වාසුදේව. ඒ කාලයේ මේ දැන් වගේ සිවිල් සංවිධාන අරවා මේවා තිබුණේ නෑ. තිබුනා නම් ඒවායේ නයකයන්වත් කට ඇරියේ නැහැ. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර දෙන්නා තමයි මුලින ජේවීපී එකට සහ අනෙකුත් තරුණ තරුණියන් මැරුම් කන හැටි ලොවට අනාවරණය කරේ. ඒකත් ඉතින් රට වෙනුවෙන් කරපු දෙයක් තමයි.

:       4       9

Sugathapala Thursday, 16 October 2025 10:53 AM

ශ්‍රීනාත් හරියටම හරි 1970 සිට පසුගිය මැතිවරණය දක්වා කරපු එකමදේ කැළනිවැලි දුම්රිය මාර්ගය වසා දැමීමට අත උස්සපු එක තමයි අඩුම තරමින් ඇහැලියගොඩට වත් ඒ මාර්ගය තබාගැනීමට ඔහුට හැකියාව තිබුනට ඒකවත් කලේ නැහැ අන්තිම කාලයේ ගෝඨාභය යටතේ ජල ඇමතිවෙලා ජලව්‍යාපෘතියක් පටන්ගත්තේ වුනත් ඒකවත් අවසන් නොකල මොහු කොළඹ දිස්ත්‍රික්කයේ අඩපාඩු හදන්නනම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට ගියා කියල පුවත්පත්වල පලවුනා

:       6       4

PaගYa Wednesday, 15 October 2025 08:33 PM

දේශපාලනේ කරන්නේ අර වචනෙන් අමතපු කෙනා සමගද?

:       15       43

sam Thursday, 16 October 2025 01:55 AM

තරුණ කාලයේ මියයන එක හොදයි...

:       3       0

ලුම්බිණි Thursday, 16 October 2025 04:11 AM

රටට කිසිම සේවයක් නොකළ මිනිහෙක් .

:       2       6

සඳමාලි Thursday, 16 October 2025 05:08 AM

වාසුදේවලා ඇතුලු පැරණි පරපුරේ වාමාංශික නායකයන් රටට කළේ මොනවාදැයි අසන දේශපාලන අඳබාලයන් පළමුව කළ යුත්තේ දර්පනයක් ඉදිරියට ගොස් තමුන්ගේ දෙමාපියන් තමුන්ට කළේ මොනවා ද යන්න අසා දැනගැනීමයි.

:       4       5

Chathuri Thursday, 16 October 2025 05:10 AM

මැරෙනතුරු දේශපානය කරන්න හරි කැමතියි අපේ රටේ ගොබ්බ රැලා. නමුත් රටට. සේවයක් ජනතාවට සේවයක් නැතිව. මහා එකා ගෙ හැම හොර වැඩක්ම දැක්කා නොදැක්කා. වගෙ ඉන්න හැමදේටම කොන්ද න්ස්මන් යස් සර් කියනවට. වැඩිය. කරපු මකා ගන්න. පන්සලක් අතුගෑවානම් නරකද. වෙනරටවල. රටට සේවය කරන කට්ටිය ඉතිහාස ගතවෙනවා මැරුනත් නාමය. බැබ ලෙනවා. අපේ රටේ එකෙක් ඉන්නවාද. මාලිමාව ඇර. රටට ජනතාවට ආදරෙන් සේවය කරපු. පොඩි දරුවන්ගේ . වැඩිහිටියන්ගෙ බඩ ගින්න මුන් එකෙක්. නිමෙව්වාද කන්න නැති ව ඇදගෙන වැටුනත්. මොකටද බන් ඔය වගේ නිවට කමින් රජ සැප විදලා ඊට වැඩිය හොදයි ඔය නඩේ පනපිටින් වැලකෙනවා. තවත් පව් නොදී

:       1       0

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Thursday, 16 October 2025 06:48 AM

ගරැ ඔබතුමා හැමදාවත් ජනතාව වෙනුවෙන් සහ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල දරැවන් වෙනුවෙන් සටන් කලා වගේම සටන් පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු නායකයෙක්.ඒ වගේම වාමාංශිකයෝ මේ රටට විශාල සේවයක් කළා. ඒව ලියනවනම් පොකත්ම ලියන්න ඕන. ඒ කාලෙ හිටපු අගමැතිවරැ සමග ඔබතුමන්නා ඒව කෙරෙව්වේ බලහත් කාරයෙන්. ඒව ගැන නොදන්න එවුන් දන්නෙ නැහැ. ඔබතුමා ඇතුලු වාමාංශික නායකයෝ මේ රටේ මහජනතාවගේ එක තඹ සතයක් හොරකම් කලේ නැහැ. මිනිස්සු ඒව ගැන දන්නෙ නැහැ. මම ඒ ගැන මගේ පේස් බුක් එකේ කියල තියෙනවා. රට විනාශ කලේ මහින්ද නොවෙයි. මහින්දගේ දරැවොයි,පස්සෙ පස්සෙ මහින්ද වටේ එල්ලිච්ච එවුනුයි.නානායක්කාර පවුල මේ රට විනාශ කරන්න කිසිම ආකාරයකින් සම්බන්ධ වෙලා නැහැ. හේමකුමාර ගැනත් මම දන්නවා.අද ඉන්න ආණ්ඩුකාරවරැ වගේ නොවෙයි. බුද්ධිමත්ව වැඩ කලා.අනුර කුමාර මැතිතුමා ඉතා හොදයි. හැබැයි මේකෙත් අරවගේම කබ්බො ඉන්නවා. කරගන්න දෙයක් නැතිව. අපි මේ රජය ආරක්ෂා කරගන්නවා. නමුත් ඉටු කල යුතු තවත් වැදගත් දේ බොහෝයි. ගරැ වාසුදේව මැතිතුමණි,ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා කියල මම පාර්ථනා කරනවා.ඔබතුමා සමාජයේ ගරැත්වයට ලක්විය ඉතා වැදගත් දේශපාලකයෙක්.

:       6       8

Sunil Thursday, 16 October 2025 09:13 AM

මුන් වගේ නාකින්ට මොන දේශපාලනයද?

:       6       7

Nelu Thursday, 16 October 2025 04:45 PM

ඔය වාසුදේව නානායක්කාර මහතාට බනින අය දන්නවද එතුමා 2024 නොවැම්බර් මාසයේ මහ මැතිවරණයේ මාලිමාවට සහයෝගය පලකරන බව කිව්වා කියලා. එයා විතරක් නෙවෙයි එයාගේ මල්ලී හේමකුමාර නානායක්කාර පවා මාලිමාව හොඳයි කිව්වා. නිකං නෙවෙයි ඒ අයගේම සහෝදර හිටපු චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක යසපාලිත නානායක්කාර මහතාගේ පුතා වන හර්ෂණ නානායක්කාර මහතා මලිමාවෙන් ඡන්දය ඉල්ලපු නිසා. වර්තමාන අධිකරණ ඇමතිතුමා. ඒ නිසා ජෙප්පෝ සහ මාලිමාව අනුගමනය කරමින් මෙතන වාසුදේව මහතා බංග වේවා කියන අය හිතාගන්න වතුරට වඩා ලේ උකුයි කියන බව කාටත් පොදු බව.

:       2       2

Dasa PThursday, 16 October 2025 06:20 PM

මාලිමාවට සහාය පලකළා කියලා හරියනවාද?

:       0       0

Ramyasiri Thursday, 16 October 2025 06:54 PM

දාස, ජෙප්පෝ ටික දන්නේ නැතුව බනින්නේ තමන්ගේම කෙනෙක්ට කියලා මතක් වෙනකොට අපිට හිනා...

:       0       1

විකුම්පාල ජයරත්න Thursday, 16 October 2025 09:26 PM

ඔබතුමාට දීර්ගායුෂ වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1298 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site