IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) විසින් අධීක්ෂණය කරන ලද පුළුල් සහ විනිවිද පෙනෙන අභියාචන ක්‍රියාවලියකින් පසුව කැබිනට් මණ්ඩලයට මෙම තීරණයට එළැඹ ඇති බව පැවැසෙයි.

ලංසු තැබීමේ ක්‍රියාවලියේදී කොන්ත්‍රාත්කරුවෙකු ව්‍යාපෘති හිමිකරුවෙකුට සපයන මූල්‍ය ඇපකරය සම්බන්ධයෙන් අමතර අන්තර්ගතයන් ඇතුළත්වී තිබීම හේතුවෙන් හේලීස් ෆෙන්ටන් සමාගමේ ලංසුව ව්‍යාපෘති කමිටුව මුල් අවස්ථාවේදී සළකා බැලීමක් සිදු නොකළේය.

හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අභියාචනය පසුගිය අගෝස්තු 6 වැනිදා සළකා බැලීමෙන් අනතුරුව එම සමාගම ව්‍යපෘතිය සඳහා ඉදිරිපත් කළ ලංසුව නැවත සළකා බලන ලෙස ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර ඇත.

හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අමතර අන්තර්ගතයන්ගෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ඇපකරය සහතික කිරීම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය නිර්දේශයට හේතුවී තිබිණි.

 



අදහස් (3)

මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට

pakeer Thursday, 06 February 2025 07:13 PM

ලංකාවේ ටෙන්ඩර් කියන්නේ අමුම අමු හොර මගඩියක්

:       1       35

පැරකුම් Thursday, 06 February 2025 09:39 PM

පකීර්, හරියටම හරි. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනො. ආයි අපට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.

:       1       17

CC Friday, 07 February 2025 02:19 PM

පකීර් සහ පැරකුම් යන අයගේ කමෙන්ට්වලට වලින් ජනතාව නොමග යවන්න උත්සාහ දරන බව පැහැදිලියි. හිටපු වංක ආත්මාර්තකාමී කෑදර හොර දේශපාලුවන් හැම ව්‍යාපෘතියක්ම තේරුවේ තමන්ට ලැබෙන කොමිස් ලාබ ගැන සිතලයි. මේ දෙදෙනා එසේ සිතීම එදා කළ මජර පාලනයේ ජනතා අදහස නියෝජනය වෙනවා. අද එය වෙනස්වී තිබෙනවා .අද ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන අවංක ජනතාවාදී පාලනයක් රටේ ජනතාවගේ වාසනාවට බිහිවී තිබෙනවා. අද හිටපු වංචනිකයින්ගේ හෙන්චයියන් උන්කළ වැරැදි දේශපාලන තීන්දු අනුව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මේ රජයට පටවන්න අසීරු උත්සාහයක් ගන්නවා. නමුත් අද ජනතාව බුද්ධිමත් වසර 76ක් කුණු කරපු, නොසලකා හැරපු ගැටළු මාස කිහිපයකින් විසඳිය නොහැකි බව මේ රජයට සහයෝගය දුන් බුද්ධිමත් ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. අද හිටපු වංක, මජර දේශපාලුවන්ට ඇති එකම භීතිකාව මේ රජය මේ රට දියුණු කළහොත් ඔවුන්ගේ මජර දේශපාලනය මේ රටින් තුරන්වීමයි. එබැවින් ඔවුන් අද මේ රජය කෙරෙහි ජනතාව බිඳවන්න නොගන්නා වෑයමක් නැත....

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site