
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මාධ්‍යවල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව තවම අය කෙරෙන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ආහාර බිල වැඩිකළද මිල නිවාසවල මාසික කුලිය තවමත් එලෙසම පැවතීම ගැටලු සහගත බවත් රටේ වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ගෙවල් කුලිය වැඩි කළ යුතු බවත් බොහෝ පාර්ශ්ව රජයට පෙන්වා දී ඇත.
පාඩුව පියවා ගැනීමට නම් මෙම එක් නිවසක් වෙනුවෙන් අඩු තරමින් රුපියල් 15000ක් හෝ 20000ක් අය කළ යුතු බව එම පාර්ශ්ව වැඩිදුරටත් පෙන්වාදෙති.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් බහුතරයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල යම් පමණකින් වැඩිකළද ඉන් ආවරණය කර ගැනෙන්නේ ආහාර ද්‍රව්‍යවල මිල (material cost) පමණක් බව පාර්ලිමේන්තුවේ ආහාරපාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 2000ට කවුද ගෙවල් කුලියට දෙන්නේ? අඩුම කුලිය රුපියල් 25000යි. ඈවරයි.. දෑවරයි.
NPP එක නම් කිව්වේ පඩි මදි, කෑම බීම, යාන වාහන, ගෙවල් දොරවල් මොනවත් ඕනැ නැහැ... ජනතා සේවය කරන්න. දැන් කියනවා එහෙම කිව්වේ නැහැලු.
හිටපු ඇමැති පංචායුධගේ පෙට්ටි කඩයේ මාසික කුලිය, ඒ දවස්වල රුපියල් 3000 ක් උනා කියා තුන් මුල්ලෙ විමලේ කිව්වා මතකයි. මන්ත්‍රී නිල නිවසේ බද්ද 2000 ලු !!!! ලාබයි... ලාබයි...සේල් සේල් !!!