(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගයික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
මේ අනුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා එම කමිටුවේ සභාපති ධුරයට පත් කරනු ලැබීය.
මරික්කාර් මහතාගේ නම අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන ලදුව මන්ත්‍රී ජගත් විතාන මහතා ස්ථිර කළේය
නව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යාංශ තුනක් යටතේ අැති ආයතන 50 ක් පමණ ඇතුළත් වන බවයි.
කාරක සභාවේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යෑමට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය බලාපෙරොත්තු වන බව කී සභාපතිවරයා කමිටුවට අවශ්‍ය ලෙස අනු කමිටු පත් කරමින් ඉදිරි කටයුතු කරන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවෙ තමා එම තනතුරෙ දිගටම කටයුතු කිරීමට බලාපෙරොත්තු නොවූ බවයි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මන්ත්‍රී අජිත් උපාය මාර්ග කමිටුවෙන් අස්වෙයි
අරවින්ද මොණරවිල Monday, 14 July 2025 01:52 PM
මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සමහරු දැන් සියල්ල අත හැරලා හිරේ ලගින්න සූදානම් වෙනවා වගෙයි පෙනෙන්නේ...?