
(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත් මහ ඇමති අපේක්ෂක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.
දිසානායක මහතාද ඒ සදහා කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
ඔහු විශ්ව විද්‍යාල සේවයේදී සිටියදී මෙම පත්කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ.. හෙතෙම දැනට විශ්‍රාම ගොස් සිටින හෙයින් එම ඉල්ලීමට මෙසේ කැමැත්ත පළකර ඇත.
මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයාය.ඔහු කාලයක් එහි දන්ත වෛද්‍ය පීඨයේ පීඪාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හොඳටම ගැලපෙනවා. දන්ත ධාතුව තියෙන්නෙත් මධ්‍යම පලාතෙනේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවෙ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත්වූයේ මෙතුමා උපකුලපතිවරයා වශයෙන් ධුරය දරන ලද කාලයෙදී ය. මෙවන් දක්ෂ නිළධාරීන් හට නිසි තනතුරු දීමෙන් ආයතන වගේ ම රටම බබළවන්න පුළුවන්
බොනිකර තරු...
බැබලෙන්න ඕනෑමනම්, වොට් 100 යේ බල්බ් වැලක් එල්ලන්නකො? එහෙමත් නැත්නම් හොඳවයින් සබන් ජාතියක් ගාල හෝද ගන්නකො.
මේ වගේ බල්බි සබන් උත්තර දෙන අය එක්ක කොහොම මෙ රට දියුණු කරන්නද මන්දා. ඒ මනුස්සයා බබළනවා කියන්නෙ දියුණු කරනවා කියන එක. රට මෙහෙමවත් තියෙනවා ඇති මෙවගෙ මන්දමානසික ලෙඩිඩු ඉන්නකොට