IMG-LOGO

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ.

උඩමළුව වෙත පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අතර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාද,  විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

SIRI Sunday, 06 April 2025 03:26 PM

අගමැති සහ ජනාධිපති දෙපළ සමඟ එදා උඩමළුවට වඩින්න ඇත්තේ අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ විසින් අනුමත කරනලද, වගකීමක් සහ යමක් කමක් දන්නා තෝරා බේරාගත් නායක ස්වාමින්වහන්සේලා වියයුතුයි. එතැනට ගිය කැමරා කරුවන් හරහා මුළු ලෝකයම බලා සිටියදී මෝදි අගමැතිවරයා එක්ක එක ස්වාමින්වහන්සේ නමක් තම ජංගම දුරකතනයෙන් "සෙල්ෆි ඡායරූප" ගත්තු එකෙන් මුළු පින්කමේම අගය බාල්දු කළා කියලයි මට නම් හිතුනේ. මෝදි කියලා කීවාට එයා මෝඩයෙක් නොවේ. බුද්ධ දේශනා හොඳින් දන්නා ඒවා අගේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම "මේ වගේ අයද බුදුන්වහන්සේගේ මේ උතුම් ධර්මය ආරක්ෂා කරන්න ඉන්නේ" කියලා ඒ වෙලාවේ අගමැතිතුමාට හිතෙන්න ඇති. අපේ නායක ස්වාමින්වහන්සේලාට ගමේ උපාසක අම්මලා එක්ක කරන පින්කම් සහ රාජ තාන්ත්‍රික මට්ටමේ උදවිය සමඟ කරන පින්කම් වල වෙනස තේරුම් ගන්න බැරි නම් එවන් උත්සව වලට සහභාගි නොවන එක වාඩාත් යහපත් කියලා තමයි අපට නම් කියන්න වෙන්නේ...

:       1       21

Jayasekara Monday, 07 April 2025 09:30 AM

මේ වගේ අති උතුම් පින්බිමක මහ බෝ සමිදුන් වැඩ වසන උඩ මලුවේ සෙල්ෆි ගහපු එක නම් හරිම අශෝබනයි...

:       0       4

Sasith Monday, 07 April 2025 04:26 PM

මම දශකයකට පසු ලංකාවට ගොස් පැමිණ ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියට ගියෙමි. දැන් එහි ඉහළ කොටස සාමාන්‍ය ජනතාවට තහනම් බව පසුව වටහා ගතිමි . බුදු දහමට පංති, සඟ, කුල බේදයක් නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site