IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරම්භ කර තිබූ ගිණුමකින් අවස්ථා ගණනාවකදී සැකකාර සෙබළා විසින් චෙක්පත් මගින් මෙම වංචාව සිදුකර ඇත.

නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු ඉකුත් 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන ඒකක 01 ස්ථානාධිපතිවරයා විසින් සැකකාර සෙබළා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගෙන්වා සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඔහු වංචා කරන මුදල ඔහු පදිංචි පස්සර  ප්‍රදේශීය රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇති බවටද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයට අනුයුක්ත     38 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site