IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මත් රකුසා වැනසීමේ ගම්පහ මෙහෙයුම අරඹයි

(තිලකරත්න දිසානායක)

රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව දැඩි ව්‍යවසනයක් බවට පත්ව තිබෙනවා. සමස්ත ජනතාව ම එකට පෙළ ගස්වමින් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සහභාගි කර ගනිමින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු ආරම්භ කරගෙන යනවා. තල 4ක් යටතේ සමස්ත සමාජයම ආවරණ වන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) සවස ගම්පහදී පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.

"විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ට පමණක් කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන නිසා මත්ද්‍රව්‍ය නිවාරණය පිණිස ජාතික සභාවක්, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ජනතාවගෙන් තොරතුරු ගලා එනවා. දැනට හදිසි දැනුම්දීමේ අංක වෙත පැමිණිලි 1000 පමණ ලැබී තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැලැස්මක් සකස් කර ඉහළ සිට පහළට ක්‍රියාත්මක කෙරෙනවා. දිවයිනෙහි දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වශයෙන් මෙහෙයුම් සභා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා. දිස්ත්‍රික් කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතීන්ගේ ප්‍රධානත්වයෙන් ද ප්‍රාදේශීය කමිටු, ඒවායෙහි සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ද ක්‍රියාත්මක කෙරෙන අතර මේවා පොලිස් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වෙනවා.



අදහස් (4)

මත් රකුසා වැනසීමේ ගම්පහ මෙහෙයුම අරඹයි

Saman Tuesday, 11 November 2025 05:26 PM

කන්ටේනර් පිටින් ගෙනත් පැතිරුනාම කීපදෙනෙක් අල්ලලා ෂෝ එකක් දානවා. උගන්ඩාවේ ඩොලර් හොයපු මෝඩයෝ මේවාට රැවටෙනවා...

:       0       0

ජහමනය Tuesday, 11 November 2025 06:30 PM

ගම්පහ පැත්තෙ මත් රකුසියෙක් කියලා තමයි තිබ්බේ.

:       0       0

කෞෂි Wednesday, 12 November 2025 10:29 AM

මාලිමාවේ කුඩු මන්ත්‍රීලට කිව්වනම් යාලුවන්ට කියන්න කියලා ඕක තාවකාලිකව හරි නතර කරන්න කියලා වැඩේ කෙරෙයි. නැත්නම් ඔය යක්කු අලුතින් ගේන කැබ්වල තමයි ඕවා ට්‍රාන්ස්පෝට් කරන්න බලාගෙන ඉන්නේ.

:       1       4

දයාන් කන්නන්ගර Thursday, 13 November 2025 10:41 AM

මත්ද්‍රව්‍ය වලින් ජීවත්වෙච්චි සැප ගත්තු නරුමයන් සහ ගෝත්‍රික අදහස් ඇති වහලුන් කුඩා කොටසක් හැරෙන්න මේ ජාතික මෙහෙවරට මුළු හදවතින්ම ආශීර්වාද කරනවා... හිතන තරම් ලේසි නැහැ ඒත් බැරි නැහැ... අපිට පුළුවන්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site