
(මහේෂ් දීර්තිරත්න)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පලාපත්වල ප්‍රදේශයේ ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින්වු මුදලකට ව්‍යාපාරියකුයට ලබා දී ඇතැයි මාතලේ ප්‍රදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හන්දෙනිය මහතා පවසයි
ඒ මහතා මේ බව කියා සිටියේ පැවැති මාසික සභා රැස්වීමේදිය.
2013 වසරේ පරිසර වැඩසටහනක් සිදු කිරිම සදහා අක්කර 5ක් ඉල්ලුවත් මේ දක්වා එය ලබා නොදුන් බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය. අපි අවුරුදු ගණානාවක් තිස්සේ රජයේ වැඩකට ඉඩමක් ඉල්ලුවාම එක එක නිති දානවා.
නමුත් වෙනත් අයට මාසයක් ඇතුළත සියලු ලිපි ලේඛන හදලා දෙනවා. අපි ළගට එන්නේ වෙළඳ බලපත්‍රය ගන්න විතරයි. සියලු දේ කොළඹින් කරගෙන තියෙන්නේ. පසුගිය ආණ්ඩුව කාලයේදිත් සිදු වුණා. මේ ආණ්ඩුවෙත් මේ දේ වෙනවා.
මහා පරිමාණ ඉඩම් විකිණිමේ මාෆිායවක් සිදු වෙනවා. මේක මාතලේ ප්‍රදේශයට පමණක් නොව දිස්ත්‍රික්කය පුරාම ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා. අහිංසක මිනිස්සු ජිවත්වෙන්න පර්චස් 10ක් ඉල්ලා ගියාම රටේ නැති නිති කියනවා. නමුත් දේශපාලන හයිය, මුදල් යහමින් තියන අයට මේ නිති මොකවත් නැහැ.අපේ තියෙන වටිනාම ඉඩම් ලබා දෙනවා.යැයිද සභාපතිවරයා පැවසිය.
විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා කියා සිටියේ මේ සිදුවන ඉඩම් විනාශය වහා නැවතිය යුතුයි. අපට ඉඩම් කිහිපයක් ගන්නා අවස්ථා ගණනාවකදි කතා කළා. නමුත් එය සිද්ධ වුණේ නැහැ.දැන් වෙනත් ක්‍රම මගින් ඉඩම් ලබා දිම් සිදුවෙනවා.අපි මේවාට එරෙහිව හඩ නැගිය යුතුයි.මේ දේවල් සිද්ධවෙන්න දෙන්න බැහැ.
2025 ඔක්තෝබර් මස 08
1898
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා
Ranjith Saturday, 11 December 2021 07:41 AM
මෙහෙම තමා රට විනාශ කලේ. දැන් බයිලා ගහනවා
priyantha Saturday, 11 December 2021 07:48 AM
මේ මිනිහට ඉඩමක් හොරා ගන්ඩ බැරිවෙච්ච නිසා ගොඩක් දුක හිතිලද කොහෙද
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 December 2021 08:06 AM
කොහොමද මේ රටේ ඒ පැත්තේ හා මේ පැත්තේ ඉන්නා දෙගොල්ලන්ගේම වැඩ කිඩ ... ? අක්කරය රු. 830 යි. අක්කර 20 ටම රු. 16600 යි.එක නීතියක් .. එක රටක් කිව්වාට,කෙරෙන්නේ තමන්ගේ අයට එක නීතියක්.රටේ මිනිසුන්ට වෙනත් නීතියක්.
RaveendraSaturday, 11 December 2021 01:00 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප රටේ තිබෙන "සියලුම පක්ෂවල" දේශපාලුවන් 99.999999% ක්ම පට්ට හොර තක්කඩින්ය. සුදු රෙදි ඔලුවේ සිටම ඔතාගෙන කඹ වගේ නුල් "කුරවල" ඔතාගෙන මල් වට්ටි ඔලුවේ තියාගෙන ඉන්න මහා පව්කාර හැත්තකි.
fairoosSunday, 12 December 2021 01:24 PM
ඉවසා සිටින්න. ඥාණසාර හාමුදුරුවන් පත්කරලා තියෙන්නේ එක රටක්, එක නීතියක් හදන්න තමයි.
Rohan Saturday, 11 December 2021 02:49 PM
ඕවා මොනවද? මල්වානේ ඉඩම නොමිලේ ගත්තේ...
Ariyasena Lelwala Saturday, 11 December 2021 09:01 PM
කිසියම් ආයතනයක් වගා කිරීමට ඉඩම ලබා ගන්නේ කෙසේද?
sharm warn Monday, 13 December 2021 08:59 AM
ඉඩම් විතරක් නොවෙයි, පුරාවස්තුත් දැන් විකුණන්න පටන් අරන් කියලා දන්නවද? ඇයි මේ හිඟන හැතිකරයට බලය දුන්නේ පොට්ටයින් වගේ...? ඡන්දය නොදුන් සහ කිසි දවසක නොදෙන කෙනෙක් හැටියට මම මගේ තීරණය ගැන සතුටු වෙනවා. රට ගැන නම් දුකයි, මොකද අපිටත් මේ පව් ගෙවන්න වෙලා තියෙන නිසා.