(කුෂාන් ජයවර්ධන)
හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ මඩේ එරී සිටි කෙනරක නිරුපද්‍රිතව ගොඩ ගෙන යළි රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී නිලධාරීන් අද (03) ක්‍රියාත්මක කරනු ලැබිණ.
වනජීවී නිලධාරීන් මැදිහත්ව මෙලෙස මුදා ගනු ලැබූයේ වයස අවුරුදු 25ක් පමණ වන කෙනෙරකි.
හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායකට වාරි ජලය ගෙන යන අඩි පහක් පමණ ගැඹුරු අවාරි ඇලක මඩේ එරී සිටියදී එම කෙනෙර වනජීවී නිලධාරීන්ට හමුව තිබිණ.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ හොරොව්පොතාන ජාතික උද්‍යානනයේ කටයුතු භාර වනජීවී නිලධාරීන්, ප්‍රදේශවාසීන් පිරිසකගේ ද සහය ඇතිව එම කෙනෙර මුදවා ගෙන රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර තිබේ.
හොරොව්පොතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර සමීර රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් හා ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේ වනසත්ව නියාමකවරුන් සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සාර්ථකව සිදු කෙරිණ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මඩේ එරුන කෙනර වනජීවියෙන් බේරා ගනියි
Nihal Dharmatileke Thursday, 03 April 2025 05:56 PM
කෙනෙර කියන්නේ මොකෙකුටද ?
Pradeep Kumara Thursday, 03 April 2025 08:48 PM
අනේ බොහොම පින් ඇති වැඩක්.
ලුම්බිණි Friday, 04 April 2025 10:03 AM
වන ජීවී එකට අපේ ප්‍රණාමය .