
(යොහාන් භාසුර)
අලුත් අවුරුදු සමයේ බස් මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
උත්සව සමයේ වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ සේවාව ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙම තීරණය ගත් බවත් මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ බස් රථය අඛණ්ඩව ධාවනය කරලීම අනිවාර්ය බවත් එම කොමිසම කීය.
රියදුරුගේ සේවා කාලය පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම අදාල බස් රථය සඳහා වෙනත් රියදුරෙකු ආදේශ කළ යුතු බව කී එම කොමිෂන් සභාව අලුත් අවුරුදු කාලසීමාවේදී මගී ප්‍රවාහන බස් රථ විශේෂ චාරිකා සඳහා යෙදවීම අත්හිටුවූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd