
(බී.ජී. චතුරංග)
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්‍ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය ජල සම්පාදනය මණ්ඩලය යමකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද. මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පලිගැනීමක් බව ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
රටේ පන්සල් පල්ලි කෝවිල් හැම තැනකම ආරක්‍ෂක අංශ සාමාජිකයන් සේවයේ යොදවලා ඉන්නවා. ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නේ නැහැ. දාන මාන සකස් කරන්නේ නැහැ.
එතැනදී යුද හමුදාව ද දස මහ යෝධයන් ද නාවික හමුදාව ද සිවිල් ආරක්‍ෂක බළකායද ගුවන් හමුදාව ද පොලිසියද කියන එක අදාළ නැහැ සිවුවනක් පිරිසට තමයි මේ සියලු දෙනා අයිති වෙන්නේ. මම එදා කතා කළේ හමුදා ස්වෙච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනකු ගැන. නොච්චියාගම කඳවුරක අණදෙන නිලධාරියකු තමයි මෙහෙට ඒ දෙන්නා එවලා තියෙන්නේ.
මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ, ධාතු මන්දිරය, අක්කර දහස් ගාණක පැතිරී ඇති පුරාවිද්‍යා නටබුන්වල ආරක්‍ෂාව පුදබිම සුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු සියලු දේ ආණ්ඩුව කළ යුතුයි.
ඒ දෙන්නා විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු. එහෙම ගන්න ඕන නම් එතන සංචාරක පොලිසියක් තිබෙනවා. මිහින්තලේ පොලිසිය තිබෙනවා. මැද මළුවේ පොලිස් මුළුපොළක් තිබෙනවා. ඒවායේ විස්තර තිබෙනවා.
මම තමයි විහාරාධිපති. කවුරු හරි මෙහි එනවා නම් මට දැනුම් දීලා එන්නේ. මේ දෙන්නට මෙතන අකටයුතු වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.
තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කළා. කවුරුත් දන්නේ නෑ කවුද ඝාතනය කළේ කියලා. මම මේ ප්‍රකාශය කළේ ත්‍රිවිධ හමුදාවට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නොවෙයි. මේ හමුදාවේ භටයෝ කෙහේ කඳවුරක, කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වෙ කියලයි අපි ප්‍රශ්න කළේ.
COMMENTS
ඔබ වහන්සේ කලබල වෙන්න එපා. ඔබ වහන්සේ ජනතාව පෙළගස්වන්න ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවන්න. කිරිබත්ගොඩ ඥානානන්දට , කැලණියේ මහනායක හාමුදුරුවන්ට පුලුවන්නම් නම් ගෝඨාභයට චන්දය දෙන්න කියන්න. ඔබ වහන්සේටත් වගකීමක් තියෙනවා ජනතාව පෙලගස්වන්න
ආණ්ඩුවට විරුද්දව කතා කරන හැමෝගෙන්ම මුන් පළිගන්නවා. මුන්ට ආගමක් ජාතියක් නැති සල්ලිම ජීවිතය වෙච්ච පිරිසක්. කාදිනල් කතා කලාමත් එතුමාට ගැහුවා. දැන් ඔබ වහන්සේට. උන්ට රටට ආගමට පෙර උන්ගේ වාසිය. රටට කෙළවුණට උන්ට කමක්නැහැ. පරිස්සමින් හාමුදුරුවනේ
මොනව නැතත් හාමුදුරුවෝ දේශපාලන ගේම් එකක් පටන් අරගෙන..
හොඳම දේ හමුදාව තමංට අදාල වැඩේ විතරක් කරන් ඉන්න එක. මේ පංසල් පල්ලි වල වැඩට මොකටද හමුදාව දාන්නෙ. දැං මේ රටේ කෝකටත් තෙෙලෙ හමුදාව තමයි.
කට නිසා මාළුවා නහිනවා වගේ කරගත්තු දෙයක මහත?දැන් ආණ්ඩුවට කුණු සුද්ද කරන්නලු .අපේ හාමුදුරුවනේ එතකොට නින්දගම් වලින් පින් කැට වලින් ලැබෙන සල්ලි වලට මොකද වෙන්නේ ?
පන්සලේ කුණු සුද්දකරගන්නවත් සල්ලි නැතිනම් අපේ උන්නාන්සේ මේ ඊයේ පෙරේදා ලෝකේ වටේ සංචාරක කාලේ වියදම් කරගෙන ?ඇමරිකාවේ පන්සලකත් උන්නා දැක්කා ?
කට තිබුනට කමක් නැහැ ඒක ටිප්ටොප් නාන ගේ කට කර ගන්න එපා.
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ප්‍රශ්නය මාධ්‍යයට නොව බලධාරීන්ට විසඳන්න.
කටින් චණ්ඩි පාට් දැම්මට මාත් මැරෙන්න බයයි හොඳේ.
සිව්වනක් පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන අය අයත් වෙනවා.එදා පාර්ලිමේන්තුවේ මොරදුන් ඇමතියා මේ බව දැන සිටියේ නැහැ.පෙර රජ දවස හේවායන් පමණක් නෙමෙයි මැති ඇමතියන්ද බෞද්ධ සිද්ධස්ථාන ළඟ ඔළුව උදුම්මා ගත්තේ නැහැ.බොහෝ විට පන්සල් වලට පණිවුඩ යැවීම රජවරුන් කළේ ඇමැතියන් හරහා. කාලුදායී කියන්නෙත් ඇමතියෙක්. ඒත් ඒ ඇමැතියන් අද ඉන්නා ඇතැම් ඇමැතියන් වගේ වාසි පැත්තට එහෙයි කියන බුබ්බඩයන් නෙමෙයි.අනේ මන්දා රටකට ගිය කලක් ..
සම්බුද්ධ ශාසනයට ආරක්ෂාව දෙන්න බැරි පිo ජනාධිපතිවරයා සහ තක්කඩි ගෝලයෝ සියලු දෙනාම කාලකණ්ණි අපතයින්... අපේ හාමුදුරුවනේ, ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!!!...හැතිකරේම තොලොන්චි වෙනවා......
අපිට නම් පේනවා කාටද දේශපාලන උණ ගැනිලා තියෙන්නේ කියලා. කරුණාකරලා මිහින්තලා පුද බිමේ ගෞරවය ආරක්ෂා කරන්න. රටේ ත්‍රීවිධ හමුදාවට අපහාස නොකරන්න.
රටේ සියලු ආරක්ෂාව රජය මත ය. සෑම පුරැවැසියකුගේ සියලු ආරක්ෂාව රජය සතු ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලය ය. එයට අභියෝග කිරීමට ලෝකයේ කිසිවෙකු හිමි කමක් නැත. “පරමාධිපත්‍ය” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අයිතීන්ට අනුව ව්‍යවස්ථාදායක බලය (පාර්ලිමේතු බලය), රටේ ආරක්ෂාව ඇතුලුව විදායක බලය, අධිකරණ බලය, යන සියලු බලය ජනතාව සතු ය. කොටින් ම කියතොත් රට වැසියාගේ පණට තිබෙන අයිතිය ය. පණට අභියෝග කිරීමට කිසිවෙකුට හිමිකමක් නැත. පණ රැක ගැනීමේ අයිතිය කොතෙක් ද කිව හොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ “පුද්ගලික ආරක්ෂාවේ අයිතිය” යටතේ වූ පැනවීම් අතිශය වැදගත් වේ. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” යන වගන්ති තම පුද්ගල ජීවිතයට දී ඇති නීතිමය රැකවරණයෙන් පැහැදිලි කර ගත හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව “නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.” යන ව්‍යවස්ථාව අනුව රජය කටයුතු කිරීමට බැදී ඇත. රජයේ සියලු කාර්ය ජනතාව හොඳින් රැකබලා ගැනීම ය. මිහින්තලේ නාහිමි කියනුයේ හමුදා නිළධාරින්
දෙදෙනෙකු සැක සහිත බව ය. තම ජීවිත ආරක්ෂාව පිළිබඳව සැක නම් එය ප්‍රකාශ කිරීම වරදක් ද? යුධ, ගුවන්, නාවික හමුදා පිහිටුවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලත් බලය මත ය. පොලිස් හමුදාව පිහිටුවා ඇත්තේ ද “පොලිස් ආඥාපනත” යටතේ ය. නීතියේ හා සාමයේ බලධරයා වශයෙන් පොලිස් හමුදාව සලක යි. මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලය මත ක්‍රියාත්මක වේ. එනම් ජනතා පරමාධිපත්‍යයේ බලය ය. යුධ, ගුවන් , නාවික, පොලිස්, හමුදා හෝ ආරක්ෂාවට පිහිටුවා ඇති යම් ඒකකයක නිළධාරියෙක් හෝ කීප දෙනෙක් හෝ සැක සහිත ලෙසින් පුරවැසියාගේ ජීවිත අයිතියට තරජනයක් ලෙසින් හැසිරෙත් නම් එය පිළිබඳව පැමිණිලි කිරීමට විමසීමට වැසියාට අයිතිය ඇත. එය ප්‍රකාශ කළ පසු යමෙකුට යොදවා ඇති ආරක්ෂාව ඉවත්කිරීම් යනු බියගුළු කමකි. යුද, ගුවන්, නාවික පොලිස් හමුදාවේ පරමාර්ථ උල්ලංඝය කිරීමකි. රජයේ වගකීම පැහැර හැරීමකි. චෝදනා ලත් ආරක්ෂ අංශ නිළධාරින් ගැන ඒ ඒ භාර හමුදාවෙන් සහ රජයේ විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් පත් කොට පරික්ෂා කර යථා තත්වය රටට එළිකළ යුතු ය. හමුදාවට කරන චෝදවෙන් හමුදාව නිදහස් කළ යුතු ය. මිහින්තලා රජ මහා විහාර පූජා භූමිය ආරක්ෂාවෙන් හිස් කිරීම යනු එකී පූජා භූමි භාරකාර නාහිමි
නාහිමියන්ගේ චෝදනාව ඇත්ත බව හා එකී චෝදනාවට මුහුණ නොදි කර ඇරීම ය. ආරක්ෂක අංශ පවත්වන්නේ ආරක්ෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැවින් පුද්ගලයකු හෝ භික්ෂූන වහන්සේ නමක් කියූ පමණින් ප්‍රධාන පූජා භූමියක ආරක්ෂාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යයේ බලය පැහැර හැරීමක් නොවන්නේ ද?
11. කොසොල් රජ දුටු එකොළොස්වන සිහිනය කොසොල් රජතුමා - “ස්වාමීනී, මා දුටු මේ හීනය නම් අමුතුම ආකාරයේ එකක්. මා දුටුවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී, එහි තේරුම කුමක්ද?” බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, අනාගතයේදී මගේ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැප උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන් වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල්වලට පාව දීම තමයි, ඒ හීනයේ තේරුම.”
හාමුදුරුවනේ, පැමිණිල්ලයි, විස්වාසය නැහැයි කියන එක දෙකක්. ගෙදරක සේවයට ඒවපු සේවකයා විශ්වාස නැහැයි කිව්වොත් ඒ සේවකයා එවපු තැනින් ඔහුව ඉවත් කරනවා. නැතිනම් ඔබ විසින් සේවකයා ඉවත් කරනවා නේද? ඒකයි මෙතැන සිද්ද වුනේ. කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් පෙරෙනවා කියන කියමන මතක් වෙනවා...
ගොයියෝ ආණ්ඩුවට උණ ගැනුණානම් මේ වෙනකොට උඹට උණසන්නිපාතය හැදිලා බොල.