
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මින් පුරප්පාඩු අටක්ම පවතින්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
භාෂා පරිවර්තක කාර්යාලයේ නියමිත කාර්යමණ්ඩලය හතළිහකි.
මෙම භාෂා පරිවර්තක පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලැබුවද සුදුසු අය ඒවාට පැමිණ නැතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ අඩු වැටුප් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් පැවසූහ.
භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් මැතිසබේ කටයුතු මෙන්ම කාරක සභාවල කටයුතුවලටද බරපතළ බාධා මතුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල හැර කිසිම වෙන භාෂා දැනුමක් නැති, පජාත සෙට් එකක් මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතා හොඳ බුද්ධි මට්ටමක් තියන තරුණ පිරිසක් ලංකාවේ ප්‍රධාන පාසල් වලින් බිහිවෙනවා. නැවත වතාවක් මේ ගම්කබරයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න එපා.
හිඟන පඩියට වැඩ කාරයෝ එන්නේ නෑ. බොල් වී නම් ගන්න හැකිවෙයි.
අපගේ කාර්යාලයේ නම පරිවර්තක කාර්යාලය නොවේ. නිවැරදි නම පරිවර්තක කාර්යාලයයි. සම්පූර්ණ සේවක සංඛ්‍යාව 40ක් නොව 44කි. එක් කරුණක් නිවැරදිව වාර්තා කර ඇත. ඉංග්‍රීසි/දෙමළ/ඉංග්‍රීසි භාෂා ධාරාවේ පවතින වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව එයයි. වැටුප් සාධකය පමණක් නොව ලිපිකරු කාර්ය මණ්ඩලයට ලබා දෙන තවත් බොහෝ අමතර ප්‍රතිලාභ පරිවර්තකයින්ට ලබා නොදේ. මෙම සියලු විෂමතා වසර 20කට ආසන්න කාලයක් තිස්සේ මහලේකම්වරයාට සහ කළමනාකාරිත්වයට දැනුම් දී ඇත. කළමනාකාරිත්වයේ මෙම අඩුපාඩු නොසලකා ඔවුන් විදේශගත වේ.
දැන් පාර්ලිමේන්තු සේවකයින්ගේ වැටුප් කපා හැර ඇති නිසා සුදුසුකම් සහිත හොඳ මිනිස්සු කොහොමත් එන එකක් නැහැ!!