බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
අග්‍රාමාත්‍යවයරයා මෙසේ පැවැසුවේ, අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ බලයේ සිටින පක්ෂයේ නායකයාය.
44 හැවිරිදි ඉන්දීය සම්භවයක් ද ඇති සුනාක් සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, විපක්ෂය වන කම්කරු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් ජය හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.
පසුගිය දා බ්‍රිතාන්‍යයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. එයින් ද ජයග්‍රහණය කළේ කම්කරු පක්ෂයයි.
(බීබීසී)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා
අරවින්ද මොනරවිල Thursday, 23 May 2024 05:02 PM
ෂුනාක්, මැක්ක්‍රොන් සහ වෝලිටර් නියෝජන කරන අන්ත දක්ෂිණාංශික දේශපාලන බටහිරින් ක්‍රමයෙන් අතුගෑවී යමින් පවතියි. ලොවට සාමය ගෙන එන්න මේ අන්ත දක්ෂිණාංශික අධිපතිවාදී පාලනයන් ලොවෙන් තුරන් වී යායුතුයි...