
(රංජිත් රාජපක්ෂ )
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
බරපතල තත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුලු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලටද මාරුකර යැවූ බව හැටන් පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ ( 16) රාත්‍රීයේදී හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේදීය.
බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානේ ලක්ෂ 20ක් වියදම් කරොත් ඉතා අලුත් ආරක්‍ෂිත වාහනයක් ගන්න පුළුවන්, එත් අපේ ලංකාවේ වරප්‍රසාද ලත් සීමිත පිරිසක් විතරයි වාහනයක් අයිති කරන් ඉන්නේ. දුප්පතුන්ට හීනයක් විතරයි. ආණ්ඩුවේ මන්ත්‍රී තුමියක් මේ කාරණේ ගැන කිව්වෙත් දුප්පතුන්ට සල්ලි නැත්නම් නිකම් පලයන් යන්න කියනවා වගේ කතාවක්.