
(යොහාන් භාසුර)
බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.
ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට දෙන බවත් සහන දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවත් විජේරත්න මහතා කීය.
සාමාන්‍ය බස් රථයක් එක්කෝටි හැත්තැ ලක්ෂයක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇති බවත් එයට සාපේක්ෂව සෙසු පිරිවැයන් ද ඉහළ ගොස් ඇති අතර ජූලි මාසය වන විට එය ගණනය කිරීමට සිදුවන බැවින් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් ඒ මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් බස් ගන්නත් අපි ගෙවන්න ඕනෑද?
බඩ පිරෙන්න හම්බවෙයි, බලන් ඉන්න...
ජනාධිපතිතුමනි, මේ ප්‍රයිවට් බස් ඔක්කොම ජනසතු කරලා රජයට පවරාගන්න. කාර්යක්ෂම පරිපාලනයක් ඇතිකරන්න,එතකොට මේ වගේ නරුමයින්ගේ තර්ජන ගර්ජන බලන්න වෙන්නේ නැහැ.
මෙයාගේ සෙල්ලම් ගැන පොඩ්ඩක් අවදානෙන් ඉන්න
මේක මාලිමා ආණ්ඩුව, මේකේ ජනාධිපති " අනුර " දැන්වත් හීනෙන් නැගිට්ටනම් හොඳයි ගැමුණු.
දැන් ඉඳලම ප්ලැන් කරනවා... රනිල් ද කිව්වේ ... ඒවට නම් සූදානම් වෙන්න එපා.. හොඳද?.
මාස හයකින් වෙන්න යන දේ ගැන දැන්ම කියන්න මෙයාට එච්චර බුද්ධියක් තියෙන එක්කෙනෙක්ද? මෙයා කාටද කඩේ යන්නෙ කියලත් අපි හොදාකාරවම දන්නවා. එයා මතක තියා ගන්නත් ඕන ලංගම සහ දුම්රිය කියන දෙකකුත් තියන විත්තියත්.
වී බිය, පොල් බිය, බස් බිය මේ තුන් බිය දුරලීමට ආණ්ඩුවට ශක්තිය ලැබේවා
කලින් කරපු සෙල්ලං මේ පාර අමාරුයි , තනි තනි බස් සියල්ල අයින් කරලා කොන්දෝ නැති ලොරි චැසි නෙමෙයි නියම බස් දාන්න පුලුවන් මහා පරිමාණ කොම්පැණිවලට දුන්න නං මගියාත් ගොඩ රටත් ගොඩ
එව්වා සුම්මා. බස් ටික ජනසතු වනු ඇත
ගුටි කෑමට නියමිතයි..
එතකොට මහාමාර්ගයේ බස් නැවතුම්පොළවල සිටගෙන කිසිම රැකියාවක් නොකර බස්වලින් කප්පම් ගන්න එවුන්ට කරන ගෙවීමි නතරවුනා නම් ඔය ආකාරයට බස්ගාස්තු වැඩිකරන්න අවශ්‍යම නැහැනේද
හිතූ හිතූ මනාපයට මගී ජනතාව පීඩනයටත් අසීරැ තාවයටත් පත් කර න මෙම ගැමුණු මාෆියාව අනිවාර්යෙන්ම පාලනය කල යුතුයි සියලු මගී ප්‍රවාහන බස් රථ ලංගමය යටතේ හෝ පිහිටුවන අධාකාරියකි යට තට පත්කර නඩත්තුව,කාලසටහනකට ධාවනය,විනීත සේවාවක්, මගි යාව ආවරණය වන රක්ෂණයක්, වලන්ගු ටකට් පතක් වැනි මගී යහප ත හා ගුනාත්මක බස් සේවාවක් ඇති කරන්න. මේ මෘග අසික්කිත ජාවාරම නියානයක් පිහිටුවන්න.
මෙයා කියන විදිහට සියලුම දේවල් නිකම් දෙන්න ඕන. එතකොට තමා බස් ගාස්තු අඩු කරන්න පුලුවන්. අනික් එක ඔච්චරම පාඩු විදගෙන මොකටද අප්ප බිස්නස් කරන්නේ . පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවකෝ. අනිත් එක රටේ වැඩිපුරම මාර්ග නීති කඩන කට්ටිය තමා.
මගී ප්‍රවාහනය සේවයක් ලෙස සැලකිය යුතුයි. එය ලාභ ලබන ව්‍යාපාරයක් වුනහම එය රටේ සංවර්ධනයට බාධාවක්. ගමනාගම මණ්ඩලය පණ ගැන්විය යුතුයි.
මෙන්න අලුත් ආණ්ඩුවටත් තග දාන්න පටන් අරන් , ලංගම දියුණු කරලා ගත්තනම් මෙයාලට වෙන්නේ මරදානේ පාලම යට ටින් හොල්ලන්ට
වරෙං පුතා, මමත් අසීමිතව දෙන්න එකෙක් හොය හොය හිටියෙ.
ලංගම බස් 100% කරන්න
ලංගම බස් 100 නේ
88/89 කරපු දේ නම් කරන්න එපා බස්වලට...
ඔයා ගන්න බස් වලට අලුතෙන් සවි කරනවා, විගඩම් කෑලි වලින් තව බස් එකක් ගන්න පුළුවන්. සුදු යකඩ බට, බස් එක පුරාවටම ස්ටිකර්, තෝරන් , ඩිස්කෝ ලයිට්. කන පුපුරන සවුන්ඩ් සිස්ටම්. නා නාප්‍රකාර සර්ව පිත්තල වැඩ නතර කරන්න නීති දාගෙන දුවන්න. එතකොට අසීමිත වියදමුත් නෑ. මනුස්සයෙකුට යන්න පුළුවන් පාඩුවේ