
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද(4) දහවල් සිදුවු අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයකි.
බස් රථය හලාවත කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබියදි රියදුරුට එකවර බස් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරු ඔයට මිටර් කිපයක් දුරින් තිබු දැවැන්ත මාර ගසක ගැටි ඇති බව පොලිසිය කියයි.
අනතුරීන් තුවාල බස් රථයෙ සිරවි සිටි රියදුරු මහත් වෙහෙසක් දරා බේරා ගෙන හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කිරීමට එම ස්ථානයට එක්වු පිරිස් කටයුතු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පුනරුද යුගයේ මෙතරම් මාරක බස් අනතුරු?
මේ අනතුරුවල කවුරුත් කතා නොකරන පැත්තක් තිබෙනවා. පහුගිය කාලේ ලංකාවට ගෙන්වන වාහන සීමා කිරීම සහ ගෙන්වන ලද වාහන වලට අධික තීරුබදු අයකිරීම නිසා රටේ පාරවල් වල ධාවනය වන්නේ පරණ වාහන, අමතර කොටස් මිල වැඩි නිසා මේවා නිසිලෙස අලුත්වැඩියා වෙන්නේ නැහැ. මෙම වාහන වල ෆිට්නස් තත්වය රිය අනතුරුවලට විශාල ලෙස බලපානවා. රිය අනතුරු 2020ට පෙර කාලය සමග සන්සන්ධනය කරන විට අනතුරු වැඩිවීමට ප්‍රබල හේතුවක් මේක... රජය වාහන අමතර කොටස්වලට ගහන තීරු බදු අඩුකර, වෙළඳපලේ වාහන අමතර කොටස් මිල අඩු කරන්න වහාම කටයුතු කළයුතුයි..
මේ බස් යන්නේ සල්ලි පස්සේ විතරයි. මනුස්සයෙක් නගිනකල්, බහිනකල් ඉන්නෙත් නෑ හදිස්සිය, පුදුම කරුමයක්... ඒ මදිවට යනවා 100ට විතර... ගිහින් හැප්පුණාම වෙන විනාශය කොහොමත් වැඩියි අබලන් බස්වල...
බලන්නකෝ රටේ හැම තැනම, දවස් ගානේ වෙඩි තියලා මිනිස්සු බල්ලන් ගාණට මරලා දාන විදිහ... මෙහෙම වෙන්න නම් ආණ්ඩුවක් මොකටද?
මේ රියදුරන්ට මනා පුහුණුවක් ලබාදීම අනිවාර්යයී. ආණ්ඩුව හොඳටම ප්‍රමාදයි.
තුවාල ලැබූ අය උස්සන් යන විදිහ දැක්කාම අපේ ඔලුව රිදෙනවා. කොඳු ඇට පෙලට හානියක් වෙලා තිබ්බොත් මෙහෙම උස්සන් යන එකෙන් ඒ හානිය යතාවත් කරන්න බැරි වෙනවා... ගෙලට හානියක් වුණොත් මැරෙන්නත් පුළුවන්, අභ්‍යන්තර රුධිර වහනය වැඩි වෙන්න පුළුවන්. රෝගීන් හැසිරවීම ගැන පළපුරුද්දක් නැත්නම් අනතුරුවලට ලක්වුණු අය අල්ලන්න යන්න එපා...!