IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බෝවතැන්න දොරටු හයක් ඇරේ

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)

කන්ද උඩරට ප්‍රදේශවලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවුල බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද (26) දින පෙරවරුවේ විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද පෙරවරුවේ විවෘත කෙරුණු අතර එයින් තත්පරයට ඝන අඩි, දස දහසකන් ජල ප්‍රමාණයක් අඹන් ගඟට මුදා හැරුණු බව බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.

තත්පරයකට ඝණ අඩි දසදහසකට අධික ජල කඳක් මහවැලිය හරහා සුදු ගඟ දිගේ බෝතැන්නට ලැබෙමින් පවතින බවත් ඉදිරියේදී වර්ෂාව වැඩි වුවහොත් බෝතැන්න ජලාශයේ තවදුරටත් වාන් දොරටු එසවීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

අඹන් ගගේ ජලය පහළට ගලා බැසීමත් සමඟ අඹන පාලම හරහා වැටී ඇති මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම විශේෂත්වයකි.

වාන් දොරටු විවෘත වී පැයක පමණ කාලයක් ගතවෙද්දී එකවරම ජනතාව බලා සිටියදීම අඹන පාලම වැසී යෑම විශේෂත්වයෙකි.



අදහස් (0)

බෝවතැන්න දොරටු හයක් ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site