
(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල ප්‍රදේශයේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පහරදීම නිසාවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් දහයකට වැඩි පිරිසක් අද (11) සවස රෝහල් ගත කර ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පතිතුමා පවසයි.
මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙරත් පාසල් දරුවන් කිහිපදෙනෙකුට පහර දී ඇති අතර අද(11) දිනයේදී තවත් පිරිසක් සමග පැමිණ පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර ඇතැයි ද ඔහු පැවසීය.
පිරිමි දරුවන්ට පහර දීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් බේරීමට ගිය පාසල් දැරියන්ටද මල් පෝච්චි ඉදල් කොසු මිටවල් ආදියෙන් පහරදීම සිදුකර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලද බවද විදුහල්පතිවරයා පවසයි.
COMMENTS
විකාර ටෙලිනාට්‍ය බලලා මනස විකෘති වෙලා හිතන්නේ නීතිය අතට ගන්න පුලුවන් කියලා.
කවුද ඔය ළමයින්ට ගහන චන්ඩියා? පොලීසිය පොල් ගානවද? භයද ඌට? ගරු පොලිස්පතිතුමනි මෙයට වහාම පියවර ගන්න.
ලංකාදීප පුවත්පතට ස්තූතියි. මේ පිළිබඳව රට දැනුවත් කරාට. මේ දරුවන්ට සාධාරණයක් වුනේ නැත්නම් ඒ පිළිබඳවත් ජනතාව දැනුවත් කරන්න.