
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හෙරොයින් ග්‍රෑම් 20 සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් තුන නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි. සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන "දෙහිවල සැන්ඩ්‍රෝ" විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd