
(සන්ඩේ ටයිම්ස්)
බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.
එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
කෙසේ නමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයිද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය කඩිනමින් අනුමැතිය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපල ආර්ථිකයන් සහිත රටවල්වලින් බ්‍රික්ස් සංවිධානය සෑදී තිබේ. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ. ලබන වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය බ්‍රසීලය බාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි මෙතෙක් කල් ලංකවේ මිනිස්සු විහිලුවකට ගත්තු ඉතියෝපියාවත් සාමාජික රටවල් අතර ඉන්නවා. මොකද ඉතියෝපියාව දැන් හරි පාලකයකු යටතේ සීග්‍රයෙන් දියුණු වෙන රටක්. ලංකාව වගේ හොරු එකතුවෙලා බංකොලොත් කරපු රටක් නෙමෙයි.
තවත් ණය ගන්න තැනක් හොයාගෙන වගේ.
කොහොමත් අනාගතය අඳුරු රටකට ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය ගන්න අමාරුයි. මෙහේ රැඟුවට බොරු විදලා ජාත්‍යන්තරය දිනන්නත් බෑ.
ඇයි එහෙම ප්‍රතික්ශේප වුනේ කියලා ජනතාව විදියට පැහැදිලි උත්තරයක් ඕන. මීලඟ යුරෝපා සංගමය වගේ එකක් බ්‍රික්ස් කියන්නේ. ඒක දෙකේ කොලේට දාලනේ මෙයාලා වැඩ කරේ. උන් මේ ආණ්ඩුවට පස්සට පයින් ගහල එලවල තියෙන්නෙ.
ස්තුතියි හර්ෂ මහත්මයා... දේශීය සංචාරක ව්‍යාපාරිකයා සහ ශ්‍රමිකයා ගැන කතා කළාට, විදේශිකයෝ මෙහෙ ඇවිත් සංචාරක වීසා අරන් මෙහෙ ව්‍යාපාර කරනවා. රස්සාවල් කරනවා.... අපිට තමා බඩේ පාර වදින්නේ කරුණාකර කොණක ඉඳන් මේවා පරික්ෂා කරලා වර්ක් වීසා නැති , නීතිවිරෝධීව මෙහෙ ඉන්න සුද්දෝ ටික අත්අඩංගුවට අරන් ඩිපෝර්ට් කරන්න. ආණ්ඩුව අපි ගැනත් බලන්න. රටේ වලංගු නීතිය ක්‍රියාත්මක කරන්න ඡන්දෙට කලින්...
ඉල්ලුම්පත්‍රය සිංහලෙන්ද දැම්මේ?
මේ ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණට ඇති ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ඇති ප්‍රබල සාක්ෂියක් බව වටහා ගන්න.
ඒක හොඳයි...
බයියෝ ටෝයියෝ ගොඩක් සතුටු වෙන්න ඇති. ඉදිරි රැස්වීම්වලදී සජිත්ගේ මෝඩ කතා මට සිතාගත හැකිය. මේ වගේ කමෙන්ට් වලට deslike කරන්න ෆේක් එකවුන්ට් පාවිච්චි කරන සජිත්ට එයාගෙම මාධ්‍ය හමුදාවක් ඉන්නවා... බොරු නෙවෙයි. මම එවැනි ව්‍යාජ ගිණුම් 75ක් පමණ ඇස්තමේන්තු කරනවා. රුපියල් 500 කහින උන්...ලජ්ජයි , හිරිකිතයි.
මෙලෝ රහක් නැති දේශපාලකයෝ මෙම කාරණාවත් මහ ලොකුවට තලු මර මරා කතා නොකළොත් ලෝක පුදුමයක්...