IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරැඹෙයි

 

(අංජුල මහික වීරරත්න)

බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව  ඉන්දියාවේ අහමදාබාද් හි දී ආරම්භ විය. 

ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා, එරට තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ, ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භුපේන්ද්‍ර රජ්නිකාන්ත් පටේල්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (නැගෙනහිර) ශ්‍රී ජයදීප් මසුම්බර් මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් අහමදාබාද්හි ගාන්ධි මන්දිර්හිදී මෙම සමුළුව ආරම්හ කෙරුණි. 

එම අවස්ථාවට බිම්ස්ටෙක් රටවල් හත නියෝජනය කරමින් සහ ඉන්දියාවේ මයි භාරත්  සංවිධානය නියෝජනය කරමින් තරුණ තරුණියෝ  එක්ව සිටියහ. 

බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයෝ ද ඉන්දියාවට ගොස් සිටිති.

 "තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට  සහ යහපාලනයට යොදා ගැනීම " තේමාව යටතේ මෙම සමුළුව පෙබරවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.



අදහස් (0)

බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site