
(සිතුම් චතුරංග)
වවුනියාව , කූමන්කුලම ප්‍රදේශයේ දී බීමතින් යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමඟ ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
ප්‍රකෝපවූ පිරිස පහරදීම හේතුවෙන් පොලිස් කැබ්රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇ.
අනතුරුව කලහකාරි පිරිස් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවූ බවත් පොලිසිය සඳහන් කළේය.
පොලිසිය විසින් යතුරු පැදිකරු හබාගොස් යතුරු පැදියට විවිද අවහිරතා කරමින් යතුරු පැදිකරු ඇඳවැට්ටීමෙන් මෙම මරණය පොලිසිය සිදුකළ බවට චෝදනා කරමින් ප්‍රකෝපවූ පිරිසක් නිලධාරින්ට පහරදී පොලිස් කැබ්රථයට සහ යතුරු පැදිවලට හානි සිදුකොට ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි දෙකයි... බීමත්ව රිය පැදවීම සහ පොලිස් අණ නොතකා රිය ධාවනය... කරන්න දෙයක් නැහැ... හරි තීරණයක් දෙන්න. නැතිනම් හැමෝම බීලා පොලිස් අණ නොතකා රිය ධාවනය කරයි...
මේවා සුළුවෙන් තකන්න එපා, නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න...
මෙහෙම දේවල් වෙනවා, හෙල්මට් නැති පුද්ගලයෙක් හඹාගොස් ඔහු අනතුරකට ලක් වෙලා මැරුණා... ඒක හඹා යායුතු වරදක් නොවෙයි. නමුත් ජීවිතයක් නැති වුණා...
මේවා දේශපාලන වාසි ගන්න නිකන් ලිස්සලා ඇරියොත් ඉදිරියට ලංකාවේ උතුරු කරයේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවී අවනීතිය රජවී විශාල ජීවිත සහ දේපල ප්‍රමාණයක් විනාශ වී කෙලවර වෙන්නේ, මේ සිද්ධියට අදාල සියලුදෙනාම හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කරන එක බලධාරීන්ගේ වගකීමක්...!
ඉඳලා හිටලා පොලිසියේ අය තුටි කෑවට කමක් නැහැ.
ආණ්ඩුව බාර් ඇරලා මිනිස්සුන්ට බොන්න දෙනවා... පොලිසිය දඩ ගහනවා... මේවා බැලන්ස් කරන්න ඕනෑ සවුදි වගේ... ආණ්ඩුව තමයි වැරැදි කරන්නේ. ස්තුතියි..