IMG-LOGO

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවයි

(යොහාන් භාසුර)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධිය හේතුවෙන් මෙසේ තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.  



අදහස් (23)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවයි

යෝගා Monday, 09 June 2025 04:03 PM

කවුරු නම් ලිස්ට් එක එව්වත් අනුමත කරන කෙනා දැනගන්න ඕනෑ හොයලා බලලා අත්සන් කරන්න. මෙහෙම පොට්ට අත්සන් ගහන්න පොල්පිත්තක් කපලා ගත්තත් ඇතිනේ. නිලධාරීන් පිටින් අරින්න හැදුවට මේක වැරදුණු ගේමක්. එහෙම නෙමෙයි, නම් ඉස්සෙල්ලම ලොක්කා වටේ ඉන්න කැම්පස් ගජමිතුරු ලාමක ලේකම්ලාගේ වැඩ තහනම් කරන්න.

:       80       27

ව්පරමාMonday, 09 June 2025 05:35 PM

තමුන් මොලේ උඩ ඉන්න වහලෙක් බව නම් පැහැදිලියි. තුන්සිය ගණනකගේ පැටිකිරිය ගැන හොයලා අත්සන් කරන්න ජනාධිපති තුමාට වෙන වැඩක් නැතුව ඇති. හිටපු දූෂිත පාලකයෝ තමුන්ට ඕනෑ විදියට වැඩ කරලා මිනිමරුවන් පවා නිදහස් කරපු බව ලෝකෙම දන්නවා.

:       16       40

senaMonday, 09 June 2025 05:42 PM

අත්සන් නොකරපු කෙනෙක්ට එළියට යන්න දීපු නිසා නේද මේක එළියට ආවේ...?

:       0       33

කපුරුහාමි Monday, 09 June 2025 05:58 PM

සාමාන්‍ය දැනීමවත් නැති මෝලේ උඩ ඉන්න වහලෙක් වෙන්ඩැති. අදාළ ආයතන වලින් නිර්දේශ කරලා එවන නම් වලට තමා ජනපතිතුමා අත්සන යොදන්නේ, එහෙම නැතුව එක එකා කියන විදියට වැඩ කරන්න ගියොත් වෙන වැඩක් නැතිවෙයි. කලින් හිටපු දූෂිත දේශපාලුවෝ, අධිකරණය පවා දේශපාලනීකරණය කරලා, තමුන්ට ඕනෑ විදියට මිනිමරුවෝ පාතාලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කුඩු ජාවාරම් කාරයෝ නිදහස් කරපු හැටි රටම දන්නවා...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 09 June 2025 06:14 PM

යෝගා දැන් කෙදිරි ගාලා වැඩක් නැහැ බන්ධනාගාරයත් අපි සුද්ද කරලම දානවා...... ඊට පස්සේ ඇතුළට ගියොත් ගේම් ගහල එලියට පනිනවා බොරු හරිය....

:       0       0

ChutiMonday, 09 June 2025 08:12 PM

මෙහෙමයි ලොක්කා. ඉස්සෙල්ලා නිවුස් එක කියවන්න. පස්සේ කියලා තියන දේ තේරුම් ගන්න. ඊටත් පස්සේ කොමෙන්ට් කරන්න. කොතැනවත් කියලා නෑනේ මුදල් වංචා කරපු කෙනාව ජනාධිපති නිදහස් කරා කියලා. ජනාධිපති අනුමත කරපු ලිස්ට් එකේ එහෙම කෙනෙක් ඉඳලත් නැහැ. අනුමත කරපු ලිස්ට් එකට පිටින් කීප දෙනෙක් නිදහස් කරලා බන්ධනාගාර අධිකාරී. ඔයාට ෂුවර් නැත්තන් ගෙම්බන්පිලට කියලා ලිස්ට් එක හොයාගන්නකෝ... මනුස්සයා ඒ වගේ වැඩට දස්සයා. කුලියට කුණු ඇද්දාට හරියට කුණක් හොයන්නවත් ඔයා ඉගෙනගෙන නෑනේ.

:       0       0

Hamid Monday, 09 June 2025 04:10 PM

ලොක්කෝ බේරෙනවා .සොක්කෝ ගස් යනවා

:       47       17

අරවින්ද මොනරවිල Monday, 09 June 2025 06:17 PM

හමීඩ් ඔයා කතා කරන්නේ පාස්කු ප්‍රාහරය ගැනද ? ඒකේ නම් ලොක්කෝ තවම නිදැල්ලේ ......

:       0       0

අරවින්ද මොනරවිල Monday, 09 June 2025 04:37 PM

සජබ පොහොට්ටු අලි සංසදයේ බයියනි දැන් කෙදිර ගාන්න ඔට්ටු නැහැ....හරිය ;

:       11       52

රුවන් Monday, 09 June 2025 04:52 PM

ගෙදර V8 තියෙනවා නම් අනිවා පගාව අරන් නැත්තං නෑ.

:       2       31

සෙනෙවිරත්න Monday, 09 June 2025 05:08 PM

හමීඩ්, කව්ද ලොක්ක? මේ සොක්කෙක්ද? ඔයා මේකට ජනාධිපතිතුමාම ගාවන්න සිහින දකිනවා, ඒකයි ⁣බන්ධනාගාර අධිකාරි සොක්කා වගේ පේන්නේ. ඔයාත් බංකලොත් විපක්ෂයත් මැදගෙන හිටිය ජනාධිපති මේකට ගෑවෙයි කියලා, පව් මේ ජනාධිපති අනුර කුමාර දිසානායක. ප්‍රමාදවෙලා හෝ අපට ලැබුන මහඟු රත්නයක්. එතුම මේවාට පැටලෙන්නේ නැහැ

:       6       30

සෙනෙවිරත්න Monday, 09 June 2025 05:10 PM

මේක කරන්න තිබුණේ මීට මාස කීපයකට පෙර. ගරු ජනාධිපති තුමා කිව්වේ බන්ධනාගාර මාරු කරනකොට හිරකරුවන් සතුව මාංචු කුට්ටම් සහ යතුරු තිබුණු බව. මේක දූෂිතම ආයතනයක්...

:       3       25

මහසෙන් Monday, 09 June 2025 05:15 PM

ඔන්න වැඩ. කවුද මගේ අමුඩේ කැත කෙරුවේ? කවුද කියලා අහලා දුන්නා නේද තීන්දුව...?

:       11       9

ඉන්ඩික බ්ග් Monday, 09 June 2025 05:16 PM

එතකොට ඕකට අත්සන් කරපු ජනාධිපතිගේ සේවය කවද්ද අත් හිටුවන්නේ..?

:       41       13

senaMonday, 09 June 2025 05:44 PM

ජනාධිපති තුමා අත්සන් නොකරපු කෙනෙක්ට එළියට යන්න දීපු නිසා නේද මෙයාට ගෙදර යන්න වෙලා තියෙන්නේ...?

:       2       23

කව්ද බෝයි Monday, 09 June 2025 05:17 PM

මෙතුමාගේ කාලෙම නේද බන්ධනාගාර රැඳෙවියන් අරගලයට ගහන්න මුදාහැරියා කියලා චෝදනාවකුත් තිබුණේ...?

:       1       28

පොඩිඑකා Monday, 09 June 2025 05:34 PM

අයියෝ යෝගා ඇතුළු මන්ද මානසික ලොන්ඩරි පාලලා, දැක්කේ නැද්ද? තියෙනවා ජනාධිපතිතුමාට අත්සන් කරන්න ආව ලිස්ට් එකේ ඒ නම නෑ කියලා. ඒකෙ නැති නම් වලට කොහොමද එතුමා අනුමත කලා වෙන්නේ...? ඔහෙලාගේ ලොන්ඩරියෙන්ම මොලෙත් හෝදාගන්න...

:       2       26

සෙනෙවිරත්න Monday, 09 June 2025 05:51 PM

ඉන්ඩික, ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. දන්නේ නැත්නම් කාගෙන්වත් අහගන්න. මෙතැන අත්සන් කරපු ලිස්ට් එකේ නම නැහැනේ. කොමසාරිස්ගේ ලිස්ට් එකේ නම ඇති. ඒකයි වැඩ තහනම් කලේ. තේරුම් ගන්න... ඒත් අසමත් නම් මෙළය බලවාගන්න...

:       6       22

ඉන්ඩික Monday, 09 June 2025 08:33 PM

ලිස්ට් නම් කීයක් එළියට ආවාද..? නම් නන් කීයක් කිව්වාද...? පහත් තැනින් යයි වතුර ගලා... කැකිල්ලෙ රජ්ජුරුවෝ නැවත ඉපදිලා...

:       0       0

කුකුල් චමින්ද Monday, 09 June 2025 06:18 PM

රට බංකලොත් වෙච්ච කාලේ, මන්දපෝෂණය වැඩිවුණා කියලා අහලා තිබුණට, මන්ද මානසික රෝගීන් වැඩිවුණා කියලා අහලා තිබුණේ නෑනේ. දැන්තමයි මන්ද මානසික රෝගීනුත් වැඩිවෙලා කියලා හරියටම පෙනෙන්නෙ, මොකද ලිස්ට් එකේ නැති එකෙක් එළියට ගියැයි කියන එක තේරුම් ගන්න, ළුණු බිකක් තරම්වත් මොළය කලඳක් නැති හැතිකරයක් මෙතැන වැළලෙන හැටියට.

:       0       0

කුකුල් චමින්ද Monday, 09 June 2025 06:45 PM

ඉන්ඩික, ඔයාගේ කොයි එකද බිග්? ඔළුව බිග් නම් මන්ද මානසික, පල්ලෙහා දෙක බිග් නම් දෙපැත්තටම නෑ තමයි.

:       0       0

Asela Monday, 09 June 2025 08:39 PM

අධිකරණ අමාත්‍යාංශය මේ ලැයිස්තුව පරීක්ෂා කරලා නැද්ද? එහෙම නැත්නම් මේ කොමසාරිස්වරයා රේඛීය අමාත්‍යාංශයට වාර්තා කරන්නේ ඇයි? රේඛීය අමාත්‍යාංශය මේකට අධීක්ෂණය කරන්නේ නැහැ කියලා හෝ කිසිම අතක් තියන්නේ නැහැ කියලා පේනවා. මම ගොඩක් කාලෙක ඉඳන් කියනවා මේ රජයේ කූඩැල්ලන් වගේම දේශපාලනඥයිනුත් එකම කාසියේ දෙපැත්ත කියලා. විවිධ දේශපාලන කඳවුරුවල වහලුන්ට අවශ්‍ය වන්නේ දේශපාලනඥයින්ව හුදකලා කරන්න සහ රජයේ සේවකයා සාන්තුවරයින් ලෙස සුදු හුණු ගාන්න. දැන් යුද්ධයක් නැහැ, කෝවිඩ් නැහැ, පෝලිම් නැහැ, නමුත් වත්මන් දේශපාලනඥයින්ට රට ඵලදායී ලෙස පවත්වාගෙන යන්නවත් බැහැ. අධිකරණ අමාත්‍යවරයා හැසිරෙන්නේ සහ කතා කරන්නේ ඔහු සර්වබලධාරී සහ සියල්ල දන්නා ආකාරයටයි.

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 June 2025 08:51 PM

ගොඩක් ඉස්සර ඉඳලා මේ දේවල් වෙනවා කියලා කසුකුසුවක් තිබුණා. කල් වේලා අරන් මේ ඔක්කෝම හොයන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site