IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදු ප්‍රතිපත්ති සැලසුම් කරන්න අලුත් ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් රැස් කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රධානතම වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය මඟින් දරනු ලබයි. වර්තමානයේ එම දෙපාර්තමේන්තු, ඒකාබද්ධ නොවන මෙහෙයුම් ක්‍රියාවලියක් පැවතීම, යාවත් කාලීන නොවූ ක්‍රියාවලින් හා නීති පද්ධතීන් හේතුවෙන් ඇති වන අකාර්යක්ෂමතාවන්, ආදායම් නිසි පරිදි අය නොවීම, ඩිජිටල්කරණය සඳහා ඇති නැඹුරුව ප්‍රමාණවත් නොවීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අන්තර් ආයතනික සම්බන්ධීකරණය ප්‍රමාණවත් නොවීම සහ සුපිළිපන්නභාවය පිළිබඳ ගැටලු යන අභියෝග වලට මුහුණ දෙමින් පවතී. 

 පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග යටතේ ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් ද සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.

 ඒ අනුව, දැනට පවතින අභියෝග ජය ගැනීම තුළින් රාජ්‍ය ආදායම් පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් සමඟ අනුගත වෙමින් ' ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ' යන නමින් විශේෂ කාර්‌යාංශයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බදු ප්‍රතිපත්ති සැලසුම් කරන්න අලුත් ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site