IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ ප්‍රවේශතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එහි ලේඛන ඩිජිටල්කරණය කිරීම රටේ බුද්ධිමය දේපළ පරිපාලනය සහ බලාත්මක කිරීම උදෙසා අත්‍යවශ්‍ය පියවරක් බවට හඳුනාගනු ලැබ ඇත. මාර්ගගත ලියාපදිංචි කිරීමේ පහසුකම්, ඉලෙක්ට්‍රොනික ගොනු කිරීමේ හා වාර්තා තබා ගැනීමේ පද්ධතීන්, අධිලේඛනගත වාර්තා ඩිජිටල්කරණය සහ එබඳු ඩිජිටල්කරණ වැඩසටහන් යටතේ මාර්ගගත සන්නිවේදන වේදිකා හඳුන්වා දීම මඟින් වඩා විශ්වසනීය, වඩා වේගවත් සහ පරිශීලක හිතකාමී බුද්ධිමය දේපළ සේවා සැලසීමට අපේක්ෂා කරනු ලබයි. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට පහසු වනු ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 70.2 ක් වටිනා තාක්ෂණික සහ සේවා ප්‍රදානයක් ලබා දීමට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය එකඟ වී තිබේ.

 ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජිත ප්‍රදානය ලබා ගැනීම පිණිස ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමඟ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site