IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු  නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

මෙම හත්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින් පදිංචිව සිටින මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවාස හතක් මෙම පොලිස් කණ්ඩායම විසින් ඊයේ වටලා ඇතත් ඔවුන් එම නිවාස වසා දමා අඹු දරුවන්ද සමග ප්‍රදේශයද අතහැර පලා ගොස් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

කෙහෙල් බද්දර පද්මෙ  ,බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු  විදේශයන්හි වරින් වර සැඟව සිටින අවස්ථාවලදී ඔවුන් ලබාදෙන  දුරකථන ඇමතුම් අනුව   මිද්දෙනිය   ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයින් හත් දෙනා මත්ද්‍රව්‍යමත්ද්‍රව්‍යස් ජාවාරම් සහ අවි  ආයුධ ජාවාරම් සිදු කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මට බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයුම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන්  ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක්  දකුණු පළාතට ගොස් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි.



අදහස් (8)

බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති

අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 01:38 PM

නැහැමොලයාත් පැනලා ගිහිල්ලාද ?

:       0       0

janahitha Tuesday, 02 September 2025 02:33 PM

සමන් මහත්තයා, ලහිරු මහත්තයා, මහින්ද මහත්තයා, බැසිල් මහත්තයා වගේ බලා ගන්න ඕන.

:       1       1

janahitha Tuesday, 02 September 2025 02:34 PM

නිල නිවසක් ලබා දීලා රනිල් මහත්තයා වගේ බල ගන්න ඕන හරිද?

:       1       0

වින්සන්ට් කජ්ජා Tuesday, 02 September 2025 03:06 PM

කජ්ජා ඝාතනයේ කන්ට්රැක්ට් එක ආවේ ඇත්තටම කොහෙන්ද කියල හොයනකොට ලස්සන දේවල් අපිටත් දැනගන්න ලැබෙයි.

:       0       3

Pimpa Tuesday, 02 September 2025 06:25 PM

පාතාලයෝ පුදුම බයෙන් නෙහ් ඈත්තෙ? ඇර 88/89 ජෙප්පො පොලිසියට බයෙන් හිටියා වගේ? මට පුන්නක්කු දීපන්!

:       4       1

Rata Perata Tuesday, 02 September 2025 09:37 PM

මේ පාතාලය හදපු දේශපාලුවන් ගැනත් හොයන්න.

:       1       4

Perera Wednesday, 03 September 2025 01:18 AM

ගම්මන්පිලත් පැනලා ගිහින්ද ?

:       1       5

Nishan Wednesday, 03 September 2025 03:46 AM

මාලිගාවත්තේ මුස්ලිම් පාතාලේ නායකයා කන්ජිපානි ඉම්රාන්ව අල්ලන්න ආණ්ඩුව පැකිලෙන්නේ ඇයි? මාකඳුරේ මදූෂ්ගේ මල ගෙදර ගිහින් ගොඩ නගා ගත්තු යාළුකම නිසාද? කන්ජිපානි ඉම්රාන් නේද කෙහෙල්බද්දරගේ කල්ලිය අල්ලන්න ඔත්තුව දුන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28485 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10972 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site