IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලීසියේ හතරක් දෙදරු පියෙකුට පහරදීලා

(රුමේෂ් එම් වීරසේකර)

පොළොන්නරුව ,දියබෙදුම පොලිසියේ සිව්දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදි දෙකකින්,තමාගේ ජංගම දුරකථනය උදුරා ගනිමින්,යතුරුපැදියට නංවාගෙන ගොස් පොලු වලින් පහරදුන් බව, ආර් 57, දිග්ගල්පිටිය ලිපිනයේ පදිංචි 31  වියැති දෙදරුපියකු වන ඩබිලිව්.ජී. මහේෂ් රණරාජා විජේසූරිය මහතා පැවසීය. 

වෘත්තියෙන් පෙදරේරුවකු වූ ඔහු පැවසුවේ තමා නීති විරෝධී අරක්කු විකුණන බවට චෝදනා කරමින්  සිවිල් ඇඳුමින් සැරැසුණ පොලීසියේ සිව්දෙනා තමා රැගෙන ගොස් දිග්ගල්පිටිය ප්‍රදේශයේ, බැංකුවක් අසලදී පොලු හා අතින් පයින් පහරදී  දියබෙදුම පොලිසියට රැගෙන ගිය බවයි.‍

තමාට දිග්ගල්පිටිය ප්‍රදේශයේ මූල්‍යය බැංකුවක් අසලදී පහරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවල හොඳින් සටහන් වී තිබෙන බවත්,  තමා මේ පිළිබඳ පොලිසියට වෙනම පැමිණිල්ලක් නොකළේ පොලිසිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමති නිසා බවත් ඔහු කීවෙිය.

එමෙන්ම  මේ පිළිබඳ ආරක්ෂක ඇමතිවරයා ඇතුළු පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසද තමා ඉල්ලා සිටින බව රණරාජා විජේසූරිය මහතා කීවේය.

අප මේ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී. මධුසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, පහරදුන් සිව්දෙනාට විරුද්ධව ඉදිරී පියවර ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

පොලීසියේ හතරක් දෙදරු පියෙකුට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site