
(යොහාන් භාසුර)
ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.
පළාත් සභා විෂයට අදාලව ක්‍රියාත්මක සියලුම ඉදිකිරීම්වල ගුණාත්මකභාවය සහ ඒ සඳහා වැයවන පිරිවැය උනන්දුවක් දක්වන පාර්ශවයකන්ට අධීක්‍ෂණය කළහැකි වියයුතු බවත් එමගින් අදාල ඉදිකිරීමේ ගුණාතාමකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බවත් මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතා එම ලිපියෙන් පවසයි.
මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමාන රජයේ මූලික අපේක්‍ෂාවක් වන මහජන මුදල් වැයකරනු ලබන සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය, වගකීම, වගවීම සහ ගුණාත්මකභාවය පවත්වාගැනීම ද බලාපෛාරොත්තු වන බව ද මුදල් කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉස්සර වගේ කොමිස් ගහන්න දෙන්නේ නැද්ද මේ රජය? එතකොට මන්ත්‍රීලා හම්බකරන්නේ ත්‍රිවීල් එළවලාද? කොහොමද අවුරුදු 2-3න් කොළඹ ගෙවල් ගන්නේ V8 ගන්නේ? මේ රජය හරිම දුර්වලයි. (විපක්ෂයේ ඇසින්)
මෙය අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි... BOQ අවබෝධ කර ගත හැක්කේ කීයෙන් කීදෙනාටද? ගම්වල ඉන්ජිනේරුවන් උපදෙස් දීමෙන් කොන්ත්‍රාත් අවුල් වෙන වැඩක්...
ඒ වගේම එක් එක් වියදම සඳහා වැය ලේඛන ජනතාවට ලබාදෙන්න. සිමෙන්ති කොට්ටයේ පටන් මිල අපට වැදගත්. එතකොට ගැහිලි බැරිවෙයි.
එවැනි ඉදි කිරීම් පිළිබඳ විස්තර පළාත් සභා වල, පුස්තකාල වල සහ අදාල ග්‍රාම නිලධාරී කාර්යාල වලත් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන්න.