IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


“පළිඟු රෑන” මැති සබයටත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සාර්ථක ලෙස වේදිකා ගතවිය. 

නාට්‍ය ආරම්භයට පෙර කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි  සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය සේන නානායක්කාර මහත්ම මහත්මීහු ප්‍රේක්ෂකයින් වෙත නාට්‍ය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළහ.

මෙලෙස වේදිකාගත කෙරුණු  මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය  ප්‍රකට  ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ  The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය  පදනම් කරගෙන  නිෂ්පාදනය කර ඇත.

ශ්‍රී ලංකීය සම්මානීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා  සිංහලට පරිවර්තනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා අධ්‍යක්ෂණය කර ඇත.

 ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න  ඇතුළු  ක්ෂේවියර් කනිෂ්ක, මනුෂි ටානියා,  බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ  රංගන දායකත්වය ලබා මෙය  මෙම නාට්‍ය වේදිකාගත  කෙරිණි.

අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය , කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්ම මහත්මීහු ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

“පළිඟු රෑන” මැති සබයටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site